ප‍්‍රියංකර මහින්දට සහය දෙද්දී දිල්හානිගේ සහාය මෛත‍්‍රිට

ප‍්‍රකට කලාකරුවන් දෙපළක් වන ගායක ප‍්‍රියංකර පෙරේරා හා ඔහුගේ බිරිය සිනමා නිළි දිල්හානි අශෝකමාලා මෙවර ජනපතිවරණයේදී අපේක්ෂකයින් දෙදෙනා වෙනුවෙන් වෙන වෙනම ප‍්‍රචාරණය සඳහා පෙනී සිටී.

පසුගියදා මෛත‍්‍රිපාල සිරිසේන දිනවීම වෙනුවෙන්වූ කලාකරුවන් ගොන්නට එක්වූ දිල්හානි කියා තිබුනේ තමා මහින්ද රාජපක්ෂ ජනපතිවීම

ගැන සතුටින් සිටි නමුත් තමාගේ සිත කඩා වැටුනේ සරත් ෆොන්සේකා එකවරම අත්අඩංගුවට පත්වූ සිදුවීමත් සමග බවයි.එම සිද්ධියෙන් පසු රජය එපාවූ බව ඇය කිව්වා.

මේ අතර ඊයේ ගායක ගායිකාවන්ගේ සහයෝගය පළකරන හමුවකදී ප‍්‍රියංකර පෙරේරා අදහස් දක්වමින් කියා සිටියේ කලාකරුවන් යනු සංවේදී පිරිසක් බවත් එම ගුණයට වඩාත් ගැලපෙන්නේ මහින්ද රාජපක්ෂ ජනපති දිනවීම බවත්ය.
එම දෙදෙනා වෙන වෙනම කියූ අදහස් ඇතුළත් වීඩියෝ පහතින්





Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි