පොළේ අය තමා ගැහුවේ මං කලාකරුවන්ට ආදරෙයි... කුඹුක්ගැටේ කලාකරු ප‍්‍රහාරයේ කමල් ඉන්දික කතා කරයි

පසුගියදා කුරුණෑගල කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී කලාකරුවන් පිරිසකට පහරදීමට පැමිණි බවට චෝදනාවට ලක්වූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික ඒ සිද්ධිය සම්බන්ධයෙන් සිය අදහස් ප‍්‍රකාශ කර තිබෙනවා.
ඔහුව අමතා විමසීමේදී කියා සිටියේ

එම සිද්ධියට තමා සම්බන්ධ වූයේ පැවති ආරවුලක් විසඳීමට පමණක් බවත් පහරදීම කර ඇත්තේ පොළේ මිනිසුන් බවත් තමා ඒ

චෝදනාව ප‍්‍රත්ක්ෂේප කරන බවත්ය.
මෙම සිද්ධිය සම්බන්ධව සමාජ ජාල හරහා ප‍්‍රසිද්ධවූ වීඩියෝවේ කමල් ඉන්දික යටගිරියෙන් කෑගසමින් බැන වදින ආකාරය දර්ශනයවී තිබියදී ඔහු සිරසට ලබා දුන් පිළිතුරු හා එම පිළිතුරු හඬ පටයේ  ඕඩියෝව පහතින්

ඔබ කලාකරුවන්ට පහරදුන් බවට චෝදනාවක් තියනවා?

මං පහරදුන්නාය කියන කතාව ප‍්‍රතික්ෂේප කරනවා.

ඒ කියන්නේ ඔබ පහර දුන් නෑ

නෑ මං පහර දුන් නෑ...

එහෙනම් මේ ප‍්‍රහාරය මෙහෙයුවද?
නෑ මං ප‍්‍රහාරය මෙහෙයවලත් නෑ..

මන්ත‍්‍රීතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්ද?

ඔව්

ඔබ නිල් බලකායෙ සාමාජිකයෙක්ද?

නෑ

එතකොට කුඹුක් ගැටේ පොලේ මිනිස්සුද ගැහුවේ?

මං මේ අයට කිව්වා මේ අයට කියල මේක නතර කරල මං යවන්නම් කියලා

එතකොට ඔබ ප‍්‍රහාරය මෙහෙයවුවා කියන චෝදනාව?

මං නෑ.. මං ප‍්‍රහාරයක් කරන්නේ මොකටද.. මං කලාකරුවන්ට ආදරය කරන මිනිහෙක්

එතකොට මතයක් දැරීම ප‍්‍රකාශ කිරීමේ අයිතියට අවහිර කිරීම අසාධාරණයි නේද?

මං එහෙම වැළැක්වීමක් කරල නෑ.. ඔය කියන කාටහරි කියන්න මං නිසා සීරීමක් හරි තැල්මක් හරි තියනව නම් මං අද දේශපාලනයෙන් අයින් වෙනවා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්