තොණ්ඩමන්ගේ උප සභාපති මෛත‍්‍රීට
පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතා නායකත්වය දරනු ලබන ලංකා කම්කරු කොංග‍්‍රසයේ උප සභාපති මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී එම්. උදයකුමාර් මහතා ඊයේ (25 දා* එක්සත් ජාතික පක්ෂයට එක්වී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරන බව පැවැසීය.
ඒ මහතා සමඟ නුවරඑළිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඒ. නාගරාඡ් මහතාද ඊයේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව දැනුම් දුන්නේය.
මෙහිදී සිය තීරණය පිළිබඳව දැනුම් දෙමින් උදය කුමාර් මහතා මෙසේ කියා සිටියේය.
මම අද සිට එක්සත් ජාතික පක්ෂයට එක්වී ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයට සහයෝගය ලබා දෙනවා. ඉදිරියේදි පත්වෙන නව ආණ්ඩුවක් යටතේ රටේ පොදු ප‍්‍රශ්න ගණනාවකට විසඳුම් ලැබේවි. පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් දින සියයක වැඩපිළිවෙළක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් රැකියා දසලක්ෂයක් වගේම නව කම්හල් ඇතිකරන බවට පොරොන්දු වී තිබෙනවා. එයින් අපේ රැකියා ප‍්‍රශ්නය විසඳේවි කියා අප සිතනවා.
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා ව්‍යාපාරික ප‍්‍රජාව හමුවී ප‍්‍රකාශ කළ කරුණු පිළිබඳවත් අප සතුටට පත්වෙනවා. අපේ තිබෙන නිවාස, අධ්‍යාපන ප‍්‍රශ්න විසඳන බවට පොරොන්දු වුණා. අපේ පළාතේ දරුවන් 52% ක්ම ගණිතය සහ ඉංග‍්‍රීසි භාෂාව අසමත් වෙනවා. එබැවින් ඔවුන්ට රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමට අසීරුයි.
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ කියා තිබෙනවා අධ්‍යාපනය සඳහා 06% ක ප‍්‍රතිශතයක් වෙන් කරනවා කියා. එය ඉතා හොඳ දෙයක්.
මෙම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ආර්. යෝගරාජන්, ඞී. එම්. ස්වාමිනාදන්, පී. රාජදොරෙයි යන මහත්වරුන්ද අදහස් දැක්වූහ.
අකිත පෙරේරා, පින්තූරය - කනිෂ්ක හේවගේ