සජිත්ට එරෙහි මඩ පොත ගැසූ මුද්‍රණාලයට නඩු

එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ හිටපු ඇමැති නවීන් දිසානායක මහතා අතර ගැටුමක් නිර්මාණය වන ආකාරයෙන් නිර්මාණය කොට තිබූ මඩ පොත් සමග අත්අඩංඟුවට පත් මුද්‍රණාල හිමිකරු පොලිස් ඇප මත මුදාහැරිය බව පොලිසිය කියයි.
අතිශයින් එජාප සාමාජිකයින්ට පමණයි නමින් එය මුද්‍රණය කොට තිබිණි.

සජිත්ගේ බලකාමී සිහිනය බොඳකරන නවීන්ගේ සිරිකොත ආගමනය‘ නමින් මෙම පොත මුද්‍රණය කර තිබූ බවත් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව පොලිසිය සමග ගොස් එයවැටලූ බවත් පැවසේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාට අපහාස වන පරිදි නිකුත් කිරීමට සූදානම් කොට තිබූ මාධ්‍ය ප‍්‍රකාශන මුද්‍රණය කිරීමට විරුද්ධව අද (26දා* දින ගංගොඩවිල අධිකරණයේ නඩු පවරන බව නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පැවසීය.

මෙම මාධ්‍ය ප‍්‍රකාශනය සම්බන්ධයෙන් මුලින්ම කරුණු දැනගත්තේ ආණ්ඩු පාර්ශ්වයෙන් බවද ඔහු කීය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්