අරවින්දගේ සේප්පුවට විද ඇත්තේ හැටේ වත්තේ කුඞ්ඩෙක්ලූ

මින් මාස දෙකකට පමණ පෙර ක‍්‍රිකට් ක‍්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි නිවසට ඇතුළුවූ සොරා අද පොලිස් අත්අඩංගුවට පත් වුණා.
මත්කුඩු වලට ඇබ්බැහිවූවකු වන ඔහු කොළඹ 07
කුරුදුවත්තේ 60 වත්තේ පදිංචිකරුවෙකි. ඔහු එදා සොරාගන්නා ලද විදෙස් මුදල් නෝට්ටු මාරු කිරීමට කොළඹ කොටුවට වරින්වර පැමිණ තිබුණ ඇති අතර එම කටයුත්තට අදත් පැමිණ පොලිස් නිලධාරියෙක් දැක තිගැස්සී දිවයාමේදී සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදි අරවින්ද සිල්වා මහතාගේ නිවසේ සේප්පුව බිද මුදල් සොරා ගැනීම ඇතුළු සොරකම් රැසක් ඔහු කළ බව පාපොච්චාරණය කළ බව පොලිසිය කියයි.
කෙසේ වෙතත් මෙම මත්කුඩු ලෝලියා අරවින්දගේ කාමරයේ සීසීටීවී කැමරා හැරවූ ආකාරය හෝ එම රහස් මුරපදය දැනගත් ආකාරය ගැන පොලිසිය අනාවරණය කර නැත.
අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ නිවාඩුවක් ගත කිරීම සඳහා එංගලන්තයට ගොස් සිටි අවස්ථාවේ නිවසේ සේප්පුවක තිබූ දේශීය හා විදේශීය මුදල් රැසක් සොරාගෙන ගොස් තිබුන අතර එහි වටිනාකම ලක්ෂ 50 ක් පමණ බව පැවසුණා.
මුදල් අතුරුදන්වී ඇති බව දැනගෙන මේ පිළිබඳව කොල්ලූපිටිය පොලිසිය
පරීක්ෂණ ඇරඹූ නමුත් මෙම මත්කුඩු ලෝලියා හමුවන තුරු සැකසහිත කිසිවෙකු සොයාගන්නට බැරිවිය.
සේප්පුවට යොදා තිබූ රහස්‍ය අංකය දැන සිට ඇත්තේ අරවින්ද ද සිල්වා මහතා, ඔහුගේ බිරිඳ සහ මව පමණක් වන අතර සොරා සේප්පුව අරින්නට එම රහස්‍ය අංකය පාව්චිච් කර ඇතිබවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණා.
සිද්ධිය වන අවස්ථාවේ සේවකයන් අටදෙනකු නිවසේ සිටි බවද පැවසුණා.
හසුවූ සොරාට ඒ සේවකයින් උදවි කළාද යන්න ගැන පරීක්ෂණ තවම සිදු කෙරේ.