මුතුහෙට්ටිගම අල්ලන්න වරෙන්තු
සුළු අපනයන භෝග ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ ඔහුගේ රියැදුරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඊට අදාළ වරෙන්තුව පොලිස්පතිවරයා මගින් ක‍්‍රියාත්මක කරන ලෙසත් බද්දේගම මහෙස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (24* නියෝග කළේය.
වඳුරඹ පැවැත්වීමට නියමිතව තිබූ විපක්ෂයේ පොදු අපේක්ෂකගේ මැතිවරණ වේදිකාවක් සහ ලොරියක් ගිනි තැබිම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ වාහනයකින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ආරක්ෂකයින් තිදෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටද මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
එලෙස ශරීර ඇප මත මුදාහරිනු ලැබුවේ අමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරින් වන පොලිස් කොස්තාපල්වරුන් වන ඉසුරු රුවන්සිරි (67199*, මනෝජ් ප‍්‍රියන්ත (60808*, ඉෂාර චතුරංග (60725* යන තිදෙනාය.
මෙම සැකකරුවන් තිදෙනා ඉකුත් 21දා දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (24* දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
අංක 83054 දරන අදාළ නඩුව බද්දේගම දිසා අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ වඳුරඹ පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සී. සමරජීව මහතා හා පො.කො. (4052* ධම්මික යන මහත්වරුන් පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා හා ඔහුගේ රියැදුරු මෙත්සිරි චාමින්ද මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නොතිසියක් නිකුත් කරන ලෙසත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනාට ඇප ලබාදීම පිළිබඳව පොලිසියේ විරුද්ධත්වයත් ප‍්‍රකාශ කර සිටියේය.
එවිට බද්දේගම දිසා මහෙස්ත‍්‍රාත් සී. එදිරිමාන්න මහතා පවසා සිටියේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට හැකි බවත් පොලිසිය රාජකාරිය කළ යුතු ආකාරය තමාට කියා දිය නොහැකි බවත්ය.
මෙම අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වීරසිරි ඩයස් මහතා ප‍්‍රධාන නීතිඥවරුන් අධිකරණය වෙත දන්වා සිටියේ සැකකරුවන් තිදෙනා විවාහක දරුවන් සිටින පුද්ගලයින් බවත් ඔවුන් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයාට ආරක්ෂාව සැපයීමේ රාජකාරිය බවත්ය.
මෙම සියලූ කරුණු සලකා බැලූ මහෙස්ත‍්‍රාත් සී. එදිරිමාන්න මහතා සියලූම පොලිස් නිලධාරින්ට අවවාද කරමින් මින් ඉදිරියට බි වාර්තාවලින් සැකකරුවන්ට ඇප දෙනවාද නැද්ද ඇපදීමට විරුද්ධ නැති බවට සඳහන් නොකළ යුතු බවත් එය තීරණය කිරීම අධිකරණයේ කාර්යයක් බවත් පැවසුවේය.
මේ සම්බන්ධ ඊළඟ නඩු විභාගය මෙම මස 29 වන දිනට කල් තබන ලදී.