සිරිකොත ඉදිරිපිට ගල් - මුල් ප‍්‍රහාරයක්
එජාපයේ සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ඇතිව තිබෙන ගැටුමක් නිසා තත්ත්වය පාලනය කිරීමට කැරළි මර්දන ඒකකයද ගෙන්වා තිබේ.
රනිල් - මෛත‍්‍රී ගිවිසුම හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයට බලකරමින් ජාතික සංවිධාන එකමුතුව සිරිකොත ඉදිරිපිට පැවැත්වූ උද්ඝොෂණය ගැටුමක් බවට පත්විය.
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් එම විරෝධයට එරෙහිව සිරිකොත ඉදිරිපිටදී විරෝධයක් පැවැත්වූ අතර ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇතිවිය. ගල් මුල් වලින් පහර දීම සිදුවිය.
සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මාර්ගය අවහිර වී තිබේ.
බෝතල් වලින්ද පහරදීම් සිදුවෙයි. පොලීසිය ගැටුම මැඩ පැවැත්වීමට කටයුතු කරමිනි සිටියි.
එම විරෝධතාව සංවිධානය කළ ජාතික සංවිධාන එකමුතුවේ ආචාර්ය වසන්ත බණ්ඩාර ඇතුළු 20කට ආසන්න ප‍්‍රමාණයක් ආසන්නයේ අතුරු මාර්ගයක සිරවී තිබේ.
එජාප ආධාරකරුවන් ඔවුන්ට පිටතට පැමිණිමට ඉඩ ලබා නොදේ.
මේ විට ජාතික සංවිධාන එකමුතුවේ දෙදෙනෙක් හා එජාපයේ දෙදෙනෙකු තුවාල ලබා සිටිති.
පොලීසිය හා කැරළි මර්දන ඒකකය තත්ත්වය සමතයකට පත්කිරීමට කටයුතු කරමින් සිටියි.
( ඉන්දික හේවාවිතාරණ )