උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්


පසුගිය උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද සවස නිකුත් කළා. ඒ අනුව ඒඒ විෂයයන්ගෙන් දිවයිනේ මුල් තැන දෙවැනි තැන හා තෙවැනි තැන දිනූවන්ගේ නාම ලේඛනයක් විභාග දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රසිද්ධ කර තිබෙනවා.
මාතර සුජාතාවේ හිරුනි උදාරා ජීව විද්‍යා අංශයේ මුල්තැනත්
යාපනය හින්දු විද්‍යාලයේ පාක්‍යසන් දරුකීසන්  ගණිත අංශයේ මුල්තැනත් දිනා ඇති අතර ගාල්ල සවුත්ලන්ඞ් විද්‍යාලයේ
පියුමි ධනංජනා වාණිජ්‍ය අංශයෙන් මුල්තැන දිනා තිබෙනවා.
කොළඹ විශාඛා බාලිකාවේ නෙත්සලා පතිරණ කලා අංශයෙන්ද මියුසියස් විදන්‍්‍යාලයේ නිපුනි ඩයස් පොදු විෂය ධාරාවෙන් මුල්තැනද දිනා තිබෙනවා.
මෙවර කලා හා වාණිජ දෙඅංශයේම 1-ු2-3 ස්ථාන සිසුවියන් විසින් දිනා ඇති අතර ජීව විද්‍යා අංශයේ 1-2 ස්ථාන ලබා ඇත්තේද සිසුවියන්ය.
සම්පූර්ණ ජයග‍්‍රාහක නාම ලේඛනය පහත පරිදිය.