මගීන් 162 ක් සමග ගිය එයාර් ඒෂියා යානය අතුරුදහන්



මගීන් 162 ක් සමග ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව බලා පියාසර කළ මලයාසියානු එයාර් ඒෂියා සමාගමට අයත් ගුවන් යානයක් අද එරට වේලාවෙන් 6.20 ට පමණ අතුරුදහන්ව තිබෙනවා.

අයහපත් කාලගුණය නිසා යානය පැදවීමේ අපහසුතා තිබුණ බව අවසන් නිවේදන වලින් කියැවුණා. ඒ 320-200 වර්ගයේ එයාර් බසයක් වූ මෙම යානයේ ඉන්දුනීසියානු ජාතික මගීන්149 ක් කොරියානු ජාතිකයින් 03 ක් හා මලයාසියානු සිංගප්පූරු හා බි‍්‍රතාන්‍ය ජාතිකයින් 1 බැගින් ගමන් කර තිබුණ අතර කාර්ය මණ්ඩලය 7 ක් ගමන් ගත්තා.
යානය ඉන්දුනීසියාවෙන් පිටත්වී පැයකට පමණ පසුව අඩි 32000 ක උසින් ගමන් ගනිද්දී අයහපත් කාලගුණය නිසා එය අඩි 38000 දක්වා ඉහළින් යාමට අවසරය ඉල්ලා ඇමතුමක් ලැබී ඇති අතර ඉන් තත්පර කිහිපයකට පසු සියලූ සන්නිවේදන සබඳතා බිඳ වැටුණ බව බලධාරීන් ප‍්‍රකාශ කළා.
යානය වැටුණ බවට සැක කෙරෙන ස්ථානයක් ඇති බවත් එය බෙල්ටුන්ග් දිවයින බවත් චීනය මේ අතර ප‍්‍රකාශ කර ඇත. ඒ ගැන පරීක්ෂණ තවම සිදු කෙරෙනවා.
පසුගිය කාලයේ ජාත්‍යන්තර තලයේ ගුවන් අනතුරු තුනක්ම මලයාසියානු යානාවලින් වාර්තා වුණා. එයාර් ඒෂියා යනු මලයාසියාවේ මූලස්ථානය ඇති සියයට 49ක වැඩි කොටස් ප‍්‍රමාණයක් මලයාසියාවට අයත් ගුවන් යානා සමාගමකි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්