සමනලී ඉන්ද්‍රචාප ඇතුළු කලාකරුවන්ට කුරුණෑගලදී පහරදීලා
අද දහවල් 12.30 ට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී දැනුවත් කිරීමේ වැඩසටහනට හා සංගීත ප‍්‍රසංගයට සහභාගී වූ ‘අලූත් පරපුරේ’ කලාකරුවන් 20 කට ආසන්න පිරිසකට ප‍්‍රහාරයක් එල්ලවී ඇති අතර එම ප‍්‍රහාරයෙන් සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ චිත‍්‍රපට අධ්‍යක්ෂ උදය ධර්මවර්ධන සහ ප‍්‍රවීන ගායක ලක්ෂමන් විජේසේකර මහතාද තුවාල ලබා ඇත.
එම මැර ප‍්‍රහාරය සඳහා වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික ඇතුලූ මැරයන් 150 ක් පමණ පැමිණි බවට සැකකරන බව අලූත් පරපුර නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් පළ කර ඇත.
ඔවුන් කලාකරුවන් වටකොට ගල්මුල් සහ පොලූවලින් පහරදී තිබේ.