සිරිකොත ගැටුමින් 30 කට තුවාලයි (video) ආවේ විමල්ගෙ කට්ටිය - එජාපය කියයි

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට අද ජාතික සංවිධාන එකමුතුව නමින් යුත් සංවිධානයක් හා එජාප ආධාරකරුවන් අතර ගැටුම්කාරී තත්වයක් උද්ගතවූ අතර 30කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

එයින් 15කට ආසන් පිරිසක් එජාප ආධාරකරුවන් වන බවත් ඉතිරි 15 බාහිර පිරිස බවත් වාර්තා වුණා.
රනිල් මෛත‍්‍රී හොර ගිවිසුමක් ඇතැයි කියමින් ඇමැති විමල් වීරවංශගේ පක්ෂයේ පිරිසක් මේ ආකාරයට
පැමිණ ඇති බවත් අද උදෑසන සිරිකොතේ රැස්වීමක් පැවති අවස්ථාවේ පිටත සිට ඔවුන් ගල්මුල් එල්ල කරමින් විරෝධතාවයේ නිරතවූ බවත් සිද්ධිය ගැන අදහස් දැක්වූ එජාප පාක්ෂිකයින් කියා සිටියා.


මේ ගැන ඇමති විමල් වීරවංශට අයත් බව පැවසෙන සී නිවුස් පුවත් අඩවියේ වාර්තා කර තිබුනේ ගල්මුල් එල්ල කරන ලද්දේ ඇතුළත සිටි එජාපයේ පිරිස පමණක් බවයි.
සිද්ධිය අවස්ථාවේ පොලිසිය එහි සිටි නමුත් ප‍්‍රහාරය මැඩ පැවැත්වීමට නොහැකිවූ අතර පසුව කැරළි මර්දන ඒකක ඒ වෙත කැඳවන්නට සිදුවිය.
සිරිකොතට පිවිසෙන සියලූම මාර්ග වසා තිබුණ අතර සියලූම වාහන කිඹුලාවලට හැරවු බවද පොලීසිය වාර්තා කර තිබුණා.

සිරිකොත මන්දිරය ඉදිරිපස ඉදි කැර තිබු බුදු පිළිමයටද මෙම ප‍්‍රහාර නිසා හානිවූ බව වාර්තා වුණා.
මේ විරෝධතාවයට රාජ්‍ය සංස්ථාවක ප‍්‍රධානියකු බව කියන පුද්ගලයකුද පැමිණ සිටි බව වාර්තා වුණා.
සිද්ධිය අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි