නඩත්තු මුදල් ඉල්ලූ බිරිඳට සැමියාගෙන් උසාවියෙදී උදලූ ප‍්‍රහාරයක්
දියණියන් දෙදෙනාට හා තමාට නඩත්තු ඉල්ලා දෙහිඅත්තකණ්ඩිය අධිකරණයට පැමිණ සිටි 26 හැවිරිදි මවකට උසාවි භූමිය තුළදී උදැල්ලකින් පහර දී බරපතළ තුවාල සිදුකළ සැමියාට දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත‍්‍රාත් චාමර වික‍්‍රමනායක මහතා
විසින් මාස 06 ක සිර දඬුවම්, රුපියල් 30,000
ක වන්දි මුදලක්, රුපියල් 1500 දඩ මුදලක් නියම කළේය.
දෙහිඅත්තකණ්ඩිය සමනලතැන්න පදිංචි ආර්. එම්. සමන්ත කුමාර (34* සැමියා මෙසේ වරදකරු වූ අතර වසර කීපයක් නඩත්තු ඉල්ලා සිටියත් රුපියල් අටදාහක මුදලක් පමණක් මෙතෙක් ගෙවා ඇත.
2013.10.24 දින 26 හැවිරිදි දෙදරු මව අධිකරණයට පැමිණි අවස්ථාවේදී අධිකරණය තුළදීම සැමියා විසින් මෙම පහරදීම සිදුකළ අතර දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර අලගියවන්න, අපරාධ විමර්ශන ස්ථානාධිපති අශෝක කරුණාරත්න, පො. සැ. 2236 විමලසිරි, පො. සැ. 28357 සරත් යන මහත්වරු පැමිණිල්ල ඉදිරිපත් කළහ.
දෙහිඅත්තකණ්ඩිය - රණතුංග