චිත‍්‍රා මන්තිලක ජනපතිට එක්වෙයි

එ.ජා.ප. මධ්‍යම පළාත් සභාවේ මන්ත‍්‍රීනි චිත‍්‍රා ශ‍්‍රීමති මන්තිලත මහත්මිය එළඹෙන ජනාධිපතිවරනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

අද මහනුවර පිහිටි ජනාධිපති මන්දියරට ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති බව වාර්තා වෙයි.

මහනුවර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රබල ක‍්‍රියාකාරිනියක වන ඇය එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ප‍්‍රධාන සංවිධායක ලෙසද කටයුතු කරයි.

1977 සිට එක්සත් ජාතික පක්ෂය තුළ ක‍්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඇය 1993 පැවති පළාත් සභා මැතිවරණයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත්විය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්