ගම්මන්පිල විවාදය මඟහරින්නේ නිරුවත හෙලිවේයයි බියෙන් -නිශාන්ත

ජාතික හෙළ උරුමය හා විවාදයකට එන්නැයි කළ ආරාධනාව පිළිගත් උදය ගම්මන්පිල මහතා දැන් එය මග හරින්නේ ජාතික හෙළ උරුමය ඉදිරියේ ඔහුගේ නිරුවත හෙළිවේ යෑයි බියට පත්වී සිටින නිසා බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප‍්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

ගම්මන්පිල මහතා සහ හෙළ උරුමය අතර තිබෙන ප‍්‍රතිපත්තිමය කරුණු කෙසේ වෙතත් එතුමා ලඝූ කරන කාරණා පිළිබඳව සංවාදය සඳහා හෙළ උරුමය නම් කළ කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් මහතා ඉදිරියේ ගම්මන්පිල මහතා නිරුවත් වෙයි කියන බියට තමයි මේ සාකච්ඡාව මග හැරියේ. ගම්මන්පිල මහතා ඉවත්වීමට බලපෑ කරුණු කාරණා අනුරුද්ධ ප‍්‍රදීප් මහතා දන්නා බව, ගම්මන්පිල මහතා දන්නා නිසා මේ විවාදය හැර ගියා යෑයිද වර්ණසිංහ මහතා කියා සිටියේය.


ජාතික හෙළ උරුමයෙන් උදය ගම්මන්පිල මහතා ඉවත්වීම පිළිබඳව කරන විවිධ ප‍්‍රකාශ පිළිබඳව සංවාදයකට එන ලෙස හෙළ උරුමය කළ ආරාධනාව පිළිගෙන පසුව ඒ සඳහා සහභාගිවීමට නොහැකි බව උදය ගම්මන්පිල මහතා දැනුම්දීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වීම සඳහා ඊයේ (29දා* පෙරවරුවේ බත්තරමුල්ල ජාතික හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී වර්ණසිංහ මහතා මේ බව කියා සිටියේය.

ප‍්‍රභාත් විතාන

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්