ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලට පහරදුන් පාකිස්තානු මහමොලකරු එල්ලා මරයි

පාකිස්තානයේ ලාහෝර් හිදී 2009 වසරේදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ප‍්‍රහාර එල්ල කිරීමේ මහමොළකරු වූ අකීල් අහමඕ එරට ෆයිසාලාබාද් සිර කඳවුරේදී එල්ලා මරාදමා තිබේ.
පාකිස්තානු ජනපති ෆර්වේස් මුෂාරෆ් වෙත 2003 වසරේදී බෝම්බ ප‍්‍රහාර එල්ල කළ චෝදනාවටද ඔහු වරදකරු වූ අයෙකි.

ඩොක්ටර් උස්මාන් අත්අඩංගුවට ගෙන ශේෂ්ඨාධිකරණය මගින් වරදකරු කොට මරණීය දණ්ඩනය නියම කර තිබුණේ  2011 වසරේදී ය.

පාකිස්තානයේ පෙෂාවර්හිදී හමුදා පාසලක පසුගියදා 150කට
ආසන්න පිරිසක් ඝාතනය කරමින් සිදුවූ තලෙයිබාන් ප‍්‍රහාරයෙන් පසු තාවකාලිකව අත්හිටුවා තිබු මරණ දණ්ඩනය යළි කි‍්‍රයාවට නැංවීමට එරට රජය පියවර ගත්තේය.

ඒ අනුව පාකිස්තානයේ මරණීය දණ්ඩනය අත්හිටුවීමෙන් පසු කි‍්‍රයාත්මක කරන ලද පළමු එල්ලා මරාදැමීම ලාංකික කි‍්‍රකට් කණ්ඩායමට එල්ල කළ ප‍්‍රහාරයේ මහමොළකරු වූ අකීල් අහමද් හෙවත් ඩොක්ටර් උස්මාන් නමැත්තාගෙන් ආරම්භ කර තිබේ.

අහමද්, පාකිස්තානු  හිටපු හමුදා වෛද්‍ය බළකායේ සාමාජිකයෙකි. අහමද් සමග එල්ලා මරාදැමූ සෙසු පුද්ගලයා අර්ෂද් මෙහමූද්ය.

මෙහමූද්  නමැත්තාද මුෂාරෆ් ඝාතන තැතට වරදකරු වී 2003 වසරේදී මරණ දණ්ඩනය නියම වී තිබිණ.

පාකිස්තානය මරණීය දණ්ඩනය කි‍්‍රයාවට නැංවීම 2008 වසරේදී තාවකාලිකව අත්හිටුවීය.

කෙසේ වෙතත් එය යළි කි‍්‍රයාත්මක නොකරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවස්ථා ගණනාවකදී බලපෑම්කර තිබූ නමුත් පෙෂාවර් සිදුවීමෙන් පසු එය යළි කි‍්‍රයාත්මක වෙයි. ඉදිරි දිනවලදී තවත් ත‍්‍රස්ත සැකකරුවන් 6 දෙනකු එල්ලා මරා දැමීමට පාකිස්තානු රජය පියවර ගෙන තිබේ.
ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්