චන්ද්‍රිකා අගමැතිකරන බැනරය නිසා තිස්සමහාරාම රැස්වීමේ අවුලක්
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් තිස්සමහාරාම නගරයේ පෙරේදා (27* සවස පැවැති ජනහමුවේ වේදිකාව ඉදිරිපිට ‘අපේ අගැමතිනි ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, අපේ ප‍්‍රධාන අනුශාසක රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා’ මැයෙන් දිගු බැනරයක් ප‍්‍රදර්ශනය කර තිබිම හේතුවෙන්
රැස්වීමට පැමිණ සිටි එජාප පාක්ෂිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත විය.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම රැස්වීමට පැමිණීමට පෙර රාත‍්‍රී 7.00ට පමණ එජාප නියෝජ්‍ය නායක, හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පැමිණියේය. ඔහුගේ පැමිණීමත් සමග රැස්වීමට පැමිණ සිටි පිරිසද වේදිකාව අසලට පැමිණීමත් සමග අඩි 20ක් පමණ දිගැති එම බැනරය ප‍්‍රදර්ශනය විය.
එම බැනරයේ ”වෙනසකට එක්වෙමු” යන ශීර්ෂ පාඨය යටතේ වම් පසින්ිහංසයා’ සලකුණ විශාලවද ‘අලියා’ සලකුණ ඉතා කුඩාවටද ප‍්‍රදර්ශනය කර තිබුණි.
එහිිඅපේ ජනපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, අපේ ආරක්ෂක ඇමැති පාඨලි චම්පික මැතිතුමා, අපේ විදේශ ඇමැති මංගල සමරවීර මැතිතුමා, අපේ ආරක්ෂක ලේකම් සරත් ෆොන්සේකා මැතිතුමා’ යනුවෙන්ද සඳහන් කර තිබුණි. එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා වේදිකාවට නැග්ග පසු බැනරය දැක එය සිය පාක්ෂිකයන් ලවා ඉවත් කළේය. බැනරය විනාඩි පහක පමණ කාලයක් ප‍්‍රදර්ශනය කෙරුණි. මේ සමග වේදිකාව පසුපස නොසන්සුන්කාරී තත්ත්වයක්ද උද්ගතව පැවතුණි.
පී.ඒ. තිස්ස