මුතුහෙට්ටිගම නිසා වඳුරඹ පොලිස් ස්ථානාධිපති ඉල්ලා අස්වේ

පසුගියදා පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට ආධාර පිණිස බද්දේගම වඳුරඹ සංවිධානය කෙරුණ විපක්ෂයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියට පහර දී ගිනි තැබීමේ සිද්ධිය ජනපතිවරයාගේ පවා හෙළාදැකීමට ලක්විය.
මෙම ගිනිතැබීමට මුල්වූ නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමගේ ආධාරකරුවන්ව

වඳුරඹ පොලිසිය අත්අඩගුවට ගත්තත් පසුව ඔවුන් බලහත්කාරයෙන් රැගෙනයාමට මුතුහෙට්ටිගම ක‍්‍රියා කළා.
පොලිස් ස්ථානාධිපති
පදවියේ කටයුතු කළ පනංගල ලියනගේ කීර්තිසිංහ නීතියත් දේශපාලනයත් අතර සිරකරුවෙකු වූ අතර තමාට එල්ල කෙරුණ දේශපාලන පීඩනය හමුවේ සිය නිල ඇඳුම් භාර දී පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමට ඊයේ තීරණය කළා.
වඳුරඹ විපක්ෂයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියට පහර දීම හමුවේ නීතිය
ක‍්‍රියාවට නැංවීමට නොහැකි වීම සහ ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට තමන්ට සාධාරණ පරීක්ෂණයකට ලක් කරන්නට ඉඩක් නොතබා පීඩනයට ලක්කිරීම නිසා ඔහු අස්වුණා.

සේවයෙන් ඉවත් වූ පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිවසේ දී මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දක්වමින් කියා සිටියේ අද නීතිගරුක පොලිස් නිලධාරීන්ට එල්ල කෙරෙන දේශපාලන සහ විවිධ බලපෑම් කෙසෙල් කැනක් කපා ගත් සොරකු අල්ලා ගත් අවස්ථාවක සොරාට නොව පිහියට එරෙහිව නඩු දැමීමට සමාන තත්වයක් බවයි.

වසර දහඅටක් පොලිස් සේවයේ කටයුතු කර ඇති ඔහු පොලිස් සේවයට අවංකව කැපවී කටයුතු කළ නිලධාරියෙකු බවත් අනාගතයේ දිනක බලපෑම් වලින් තොරව සේවය කිරීමට අවස්ථාවක් ලැබුනොත් පමණක් යළිත් ඊට එක් වෙන බවත් කියා සිටියා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි