ෆැමිලි සවාරියට අට පාරක් මාව රට යැව්වෙ ඕපාදූප නැති නිසා

තමාව සම්බන්ධ කර අනවශ්‍ය  ඕපාදූප කිසිවක් මේ දක්වා ප‍්‍රචාරය වී නොතිබීමත් සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීමත් හේතු කොට සෙලින්කෝ ෆැමිලි සවාරි ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ අට වැනි අවුරුද්දටත් විදේශ සංචාරයේ යෙදෙන්නට හැකියාව ලැබුණ බව ගායිකා සංජීවනී විරසිංහ ප‍්‍රකාශ කරනවා.
ඇය සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් මේ ගැන කියා සිටියේ පහත පරිදිය.


‘සෙලින්කෝ ලයිෆ් ආයතනයේ ෆැමිලි සවාරියට අවුරුදු 8 ක් තිස්සේ මං සහභාගී වෙනවා.මේ සඳහා සන්නාම තානාපතිනියක හැටියට මාව තෝරාගැනීමේදී මම
සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීම, අනවශ්‍ය  ඕපාදූපවලට ලක් නොවීම යන කරුණුත් බලපාන්න ඇති.ඊට අමතරව මම පෞද්ගලිකව එම ආයතනයට කැමතියි.ඒකට හේතුව ඔවුන් සතුව ව්‍යාපාරික ඉලක්කවලට එහා ගිය මනුස්සකමක් තිබීම. මම පසුගිය වසර 7 තුළම ඒ සුවිශේෂත්වය දැක්කා.
ඇත්තටම මේක කෙනෙකුගෙ ජීවිතයේ ලබන්න පුළුවන් හොඳම අත්දැකීමක්..මෙවැනි සවාරියක් තම පවුලම සමග යාම සිහින සැබෑවීමක්’

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි