අයිෆෝන් දෝෂය ගැන ඇපල් පාරිභෝගිකයින්ගෙන් සමාව ඉල්ලයි

පසුගියදා ලෝකය කළඹවමින් එළිදුටු අයිෆොන් 6 නවතම මොඩලය සඳහා විශේෂයෙන් සකස් කළ අයි ඕඑස් 8.0.1 නමැති මෙහෙයුම් පද්ධතිය ඊයේ බදාදා
එම සමාගම විසින් බාගත කිරීම සඳහා නිකුත් කරන ලදි.

නමුත් එය අදාළ ෆොන් මොඩල වල පිහිටුවාගත් පසු ජංගම දුරකථනයෙන්  සිදු කරන

වැදගත්ම කාර්යය වන ඇමතුම් ලබාගැනීමේ පහසුකම ඇණ හිටින බව පාරිභෝගිකයින් චෝදනා කළා. අලූත් යාවත්කාල කිරීමෙන් පසු එහි ස්පර්ශ මුහුණත ක‍්‍රියානොකරන බවත් ඇමතුම් ලබාගන්නට බැරි බවත් කියමින් විශාල වශයෙන් පැමිණිලි ගලා ඒම නිසා ඇපල් සමාගම අසීරුවට පත්වූ අතර අද නිවේදනයක් නිකුත් කරමින් එම දෝෂය පිළිගන්නා බවත් සමාව අයදින බවත් ඔවුන් පවසා ඇත.
එම වරද නිවැරදි කරන තුරු පැරණි වර්ෂන් එකට මාරු වන ලෙස දන්වන ඔවුන් අලූත් 8.0.2 යාවත් කාල කිරීමේදී එම දෝෂය ඉවත්වනු ඇති බවත් එය ඉදිරි දිනවල නිකුත් කරන බවත් දන්වා ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි