බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රීලංකා මහකොමසාරිස් වෛද්‍ය ක‍්‍රිස් නෝනිස් ඉල්ලා අස්වෙයි

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. එක්සත් ජාතීන්ගේ මහා
මණ්ඩල සැසිවාරයට සහභාගි වීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ නිව්යෝර්ක්හි
සංචාරය කළ අතරවාරයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු පහරදීම හේතුවෙන් එයට විරෝධය පළකර ඔහු ඉල්ලා අස් වී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබුණි.
නිව්යෝර්ක් නුවරදී සිදුවීමක් පිළිබඳව දැනගන්නට ලැබුන නමුත් ඒ පිළිබඳව වැඩි විස්තර
හෙළි කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියේය.
මහකොමසාරිස් ක‍්‍රිස් නෝනිස්ගේ අස්වීමේ ලිපිය දින තුනකට පෙර අමාත්‍යංශයට ලැබුනත් එය පිළිගෙන තිබේද යන්න තවමත් නොපැහැදිලි බවත් ඔහු පැවසීය.
මහකොමසාරිස් ක‍්‍රිස් නෝනිස්ගෙන් විමසූ අවස්ථාවේ අදහස් දැක්වීම ප‍්‍රතික්ෂේප කළේය.
පහර දුන් සිද්ධිය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සහභාගි වූ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකදී සිදුව ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි