හරින් ඡන්ද 50,000ට වඩා ගත්තොත් ඇමතිකමින් ඉල්ලා අස්වන බව උදය ගම්මන්පිල කී හැටි

ඌව පළාත් මැතිවරණයට පෙර එජාපයේ හරින් ප‍්‍රනාන්දු සමග රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක්වූ බස්නාහිර පළාත් කර්මාන්ත ඇමති උදය ගම්මන්පිල මහතා කියා සිටියේ හරින්ට ඌවෙන් ඡන්ද 50000 ක් වත් ගන්නට නොහැකි බවත් පෝස්ටර් නොගසා මැතිවරණ ව්‍යාපාරය කර 50000 ට වඩා අරන් පෙන්නුවොත් තම කර්මාන්ත ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී

ඉවත්ව යන බවයි.
තමා පෝස්ටර ප‍්‍රචාරණයක් නොකරන බවත් එම අභියෝගය භාරගන්නා බවත් හරින් ප‍්‍රනාන්දු එම අවස්ථාවේ කියා සිටි අතර පසුගිය ඌව පළාත් මැතිවරණයේදී ඔහු ඡන්ද එක්ලක්ෂ හැත්තෑතුන්දහසකට වඩා ලබා ගත්තේය.
මෙම අභියෝගය සම්බන්ධයෙන් තවම පළාත් සභා ඇමති උදය ගම්මන්පිල මහතාගෙන් ප‍්‍රතිචාරයක් නැත.
හිරු ටීවී නාලිකාවේ බලය වැඩසටහනට එක්වෙමින් මෙම අභියෝගය සිදු කළ ආකාරය පහත පරිදිය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්