කේෂානි හොයාගත් අයට දෙන රුපියල් මිලියනේ තෑග්ගට ග‍්‍රීස් ගාමිණීගේ සොයුරාත් කඬේ මුදලාලි නිමලූත් පොරකති

පසුගියදා ග‍්‍රීස් ගාමිණී නමැත්තෙකු විසින් පැහැරගෙන ගොස් නැවත හමුවූ ගනේවත්ත අඹකොළවැව පමාරා කේෂානි දැරිය සොයාදුන් අයට පොලිසිය මගින් පිරිනමන බව කියූ රුපියල් මිලියනයක ත්‍යාග මුදල ලබාදිය යුතු පුද්ගලයා ගැන ගැටලූවක් දැන් පැනනැගී ඇත.
ත්‍යාග මුදලට දෙදෙනෙකු හිමිකම් කියන අතර දැරිය ස`ගවාගෙන සිටි නිවසේදී මුලින්ම ඒ බව දැනගත් ග‍්‍රීස් ගාමිණීගේ සොයුරා වන
චමින්ද මේ රඳවා තැබීමට විරෝධය පා ඒ ගැන කඩමණ්ඩියට ගොස්
කියූ අතර කඬේ මුදලාලි වූ නිමල් නමැත්තා පසුව ඒ බව පොලිසියට කියා තිබුණි.චමින්ද පවසන්නේ තමාගේ ඔත්තුව මත දැරිය හමුවූ බවකි.
කෙසේ වෙතත් පොලිසිය පැමිණ ග‍්‍රීස් ගාමිණීගේ සොයුරා මුල් අවස්ථාවේ අත්අඩංගුවට ගත් අතර පසුව නිදහස් කර තිබුණි.

පොලිසියට දැනුම් දීම සිදු කළ නෙරියාව ප‍්‍රදේශයේ කඩයක් පවත්වා යන නිමල්
ජයසූරිය නැමැත්තා කියා සිටින්නේ  දැරිය හ`දුනාගෙන ඔහුගේ වෙළදසලට දැරිය ගෙනගොස් පොලිසියට බාරදී තිබුණේ තමා බවයි.
තමන්ට රහස් පොලිසිය ඒ අවස්ථාවේ ස්තුති කළ බවද ඔහු කියනවා.

මේ දෙදෙනාම දැන් තෑග්ග අපේක්ෂා කරන අතර පොලිසිය තවම එම ත්‍යාග මුදල කිසිවෙකුට ලබාදී නැත.
කෙසේ වෙතත් කඩ හිමි නිමල් මහතා කියා සිටින්නේ මේ තෑග්ග තමාට නොදුන්නත් ග‍්‍රීස් ගාමිණීගේ සොයුරාට දීම අනුමත නොකරන බවයි. එසේ නොදෙන්නේ නම් අසරණ දැරියගේ නිවසේ උදවියට එය පරිත්‍යාග කරන ලෙසත් ඔවුනට ගෙයක් හදාගැනීමට ඒ මුදල ආධාරයක් ලෙස ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි