පන්නිපිටිය ධර්මපාල සිසුවාට ගුරුවරයාගෙන් කොසු මිට පහර

පන්නිපිටිය ධර්මපාල විදුහලේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන සිසුවකුට එම ක‍්‍රිකට් භාර ආචාර්යවරයා විසින් පහරදුන් බවට කොට්ටාව පොලිසියට ඊයේ (23 වැනිදා* පැමිණිලි කර ඇත.
සිය දරුවාට වූ අසාධාරණය සම්බන්ධයෙන් එම සිසුවාගේ දෙමාපියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

ක‍්‍රිකට් භාර ආචාර්යවරයාගේ පහරකෑමට ලක්වී ඇත්තේ එම විදුහලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ධනුෂ්ක සමරකෝන් නමැති සිසුවෙකි.
තමාව ක‍්‍රිකට් භාර ආචාර්යවරයා ඔහුගේ කාමරයට ගෙන කොසු මිටකින් පහරදුන් බව සිසුවා පවසයි.
සිසුවාගේ ශරීරයේ තැලීම් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලෙන් ප‍්‍රතිකාර ගෙන ඇත.
පන්නිපිටිය ධර්මපාල විදුහලේ ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුවට නොපැමිණි බව කියමින් එම ගුරුවරයා පහරදී ඇතැයි එම සිසුවාගේ දෙමවුපියන් පොලිසියට පැමිණිලි කර ඇත.
එම පහරකෑමට ලක්වූ සිසුවා බේරා ගැනීමට ගිය සිසුන් දෙදෙනකුටද එම ගුරුවරයා කොස්සෙන් ගසා ඇතැයිද වාර්තාවේ.
බයිසිකලයෙන් වැටී වළලූ කරේ ඇතිවී තිබූ ආබාධයක් නිසා තම පුතා ක‍්‍රිකට් පුහුණුවට නොගිය බව මවුපියන් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

මෙම පහර කෑමට ලක්වූ සිසුවා කොට්ටාව ධර්මපාලයේ සිටියදී ක‍්‍රිකට්වලින් දැක්වූ දස්කම් නිසා පන්නිපිටිය ධර්මපාල විදුහලට ඇතුළු කරගෙන ඇතැයිද වාර්තා වේ.

අප මේ සම්බන්ධයෙන් පන්නිපිටිය ධර්මපාල විදුහලේ විදුහල්පති කේ. ජී. විමලසේන මහතාගෙන් විමසූ විට කියා සිටියේ කොසු මිටකින් එම සිසුවාට පහරදීමක් සිදුවී නැති බවය. කෙසේ වෙතත් මෙම සිසුවා විනය විරෝධී වැඩවල නිරත වන බවත් මේ නිසා ඔහුට කීප වතාවක්ම අවවාද කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොට්ටාව පොලිසිය පවසනුයේ අදාළ පහරදීම සිදුකළ බව කියන ක‍්‍රිකට් භාර ගුරුවරයාගෙන්ද ප‍්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරගෙන යන බවය.
මේ පිළිබඳව කොට්ටාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී. සී. තිලකසිරි මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ක‍්‍රිස්ටෝපර් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ සිදුකරති.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්