ඩෙංගු මර්දනයට එරෙහිවූ බොඩිබිල්ඩර් මීගමු නගරසභා කම්කරුවන්ගෙන් ගුටිකෑ හැටි

මීගමුව ප‍්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනකට ගෙන් ගෙට ගිය නගරසභා නිලධාරීන් පිරිසකට සාම්පල පරීක්ෂාව සඳහා තම නිවසට ඇතුළුවන්නට ඉඩ නොදුන් ‘බොඩිබිල්ඩර්’ කෙනෙකු බව කියන නිවෙස් හිමියෙකු ‘තොපි නගර සභාවේ හොරු යයි‘ පවසමින් ඩෙංගු මදුරු මර්දන පරීක්ෂකවරුන් දෙදෙනකුට අතින් පයින් මෙන්ම ප්ලාස්ටික්
භාජනවලින් සහ එස්ලෝන් පයිප්පයක් කැඩෙන තුරු අමානුෂික ලෙස පහරදුන් සිද්ධියක් වාර්තා වනවා.
එයින් අනතුරුව එම පුද්ගලයා උසාවියට ඉදිරිපත් කළ පසු සිද්ධිය සමථයකට පත්කරගැනීම සඳහා එම බොඩි බිල්ඩර් නගරසභාවේ නගරාධිපතිවරයා හමුවීමට ගොස් ඇති අතර පසුව ඔහු නගර සභාවෙන් පිටව යද්දී සනීපාරක්ෂක කම්කරුවන් සමග යළි ආරවුලට පැටලී
තිබෙනවා. කම්කරුවන් සියයකට අධික පිරිසක් එළව එළවා පහරදීම නිසා ඔහුගේ දිවි ගලවා දීමට මැදිහත් වන්නට මීගමුව පොලිසිය ඊයේ සිදුව ඇත.
මෙම සිද්ධියේ ප‍්‍රථමයෙන් පහර කෑමට ලක්ව ඇත්තේ මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට අනුයුක්තව සේවය කරන පරීක්ෂකවරුන් වන එරන්ද වීරපුර සහ දිනේෂ් චින්තක යන මහත්වරුන්ය. මීගමුව නගරය පුරා හිස එසැවී ඇති ඩෙංගු උවදුර මර්දනයට නගර සභාව මගින් ඩෙංගු මර්දන කමිටු පත්කර ඇත. එම කමිටුවට මීගමුව කුරණ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ
පාරේ දෙපස පිහිටි නිවාස පරීක්ෂා කිරීමට යෙදී තිබුණේ 22 දාය. මෙම පරීක්ෂකවරුන් දෙදෙනා එම ප‍්‍රදේශයේ නිවසකට ගොස් පරීක්ෂා කිරීමේදී මදුරු කීටයන් සහිත ප්ලාස්ටික් භාජන කීපයක් දැක ඇත.

ඒ පිළිබඳව නිවසේ සිටි ගෙහිමියාගේ බිරිඳගෙන් විමසන අවස්ථාවේ එම කාන්තාවගේ සැමියාවූ කායවර්ධන ශිල්පියා එම ස්ථානයට හදිසියේ කඩා වැදී ඇත. එහිදී එම පරීක්ෂකවරුන් සහ කායවර්ධන ශිල්පියා බහින් බස්වී අවසානයේ කායවර්ධන ශිල්පියා නගර සභාවේ පරීක්ෂක (සුපවයිසර්* වරුන් දෙදෙනාට රෝහල් ගත වන තුරු පහරදී ඇත. පසුව මේ පිළිබඳව මීගමුව පොලිසියට ලද පැමිණිල්ල අනුව මෙම සිද්ධියට අදාළ සැකකරුවන ස්ටැන්ලි ෆොන්සේකා නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප මත මුදාහැර ඇත. පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් දැඩි තීරණයකට එළඹි මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සියලූ සේවකයන් උදෑසන රාජකාරියට වාර්තාකොට සේවයේ නොයෙදුනු අතර නගරයේ කැළි කසළ ඉවත් කිරීමක්ද සිදු නොවීය. පසුව ඔවුන් නගර සභාව අබියසට වී දැවැන්ත විරෝධතාවක නිරත වූහ.
මෙම අවස්ථාවේ අධිකරණයෙන් ඇප ලැබූ ස්ටැන්ලි ෆොන්සේකා සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගෙන් සමාව ඉල්ලීම සඳහා 23 දා උදැසන සිය යතුරුපැදියෙන් නගර සභාවට පැමිණියේය.
ඔහුට නගර සභා කාර්ය මණ්ඩලය සමාව දීමට සූදානම්ව සිටි අතර එම සමාව ඉල්ලීම නගර සභා භූමියේ වූ පිට්ටනියේදී ප‍්‍රසිද්ධියේ කළ යුතු බවට නගර සභා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප‍්‍රකාශ කොට සිටියහ.
එහෙත් එම අවස්ථාවේදී සේවකයන් මගහැර ස්ටැන්ලි නගර සභා භූමියෙන් පිටව යැමට තැත් කළ අවස්ථාවේ නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවෝ ඔහුට එළව එළවා පහර දුන්හ. පසුව ඔහු බේරාගත් මීගමුව පොලිසියේ නිලධාරීන් විසින් ඔහු පැමිණි යතුරුපැදිය නගර සභා භූමිය තුළ දමා ඔහු දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නිවසට ගෙන යන ලදී.

සිද්ධියේ වීඩියෝ දර්ශනය පහතින්

වාර්තාව - මීගමුව විමල් කීර්ති

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්