මන්ත‍්‍රී පුතා එක්දරු මව පැහැරගෙන ඇත්තේ විවාහ කර ගන්නලූ
කුරුණෑගල පොල්පිතිගම ප‍්‍රදේශයේදී විවාහක කාන්තාවක හා ඇයගේ අවුරුදු තුනහමාරක් වයසැති දරුවා මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු බලහත්කාරයෙන් රැගෙන යද්දී පොලිසිය බේරාගත් සිදුවීම පිළිබඳ අලූත් තොරතුරු දැන් අනාවරණය වනවා.
පැහැරගැනීම සිදු කළ වයඹ පළාත් සභාවේ හිටපු එජනිස මන්ත‍්‍රී පුතකු වන චින්තක නුවන් අමරතුංග (32* පවසා ඇත්තේ ඇයව පැහැරගෙන ගියේ විවාහකරගැනීමට බවයි.
නදීකා නිල්මිණි නැමැති ඇය සමග වසර කීපයක සිට ඔහුට පේ‍්‍රම සම්බන්ධතාවක් තිබූ
බවද ඔහු පොලිසියේදී කියා ඇත. මෙම මන්ත‍්‍රී පුත‍්‍රයාද විවාහකයෙකි.
මෙම කාන්තාවගේ විවාහයේ ප‍්‍රශ්න තිබුණ බව වාර්තාවන අතර ඇගේ සැමියාගේ මිතුරෙකු ලෙස නිතර ආගිය මන්ත‍්‍රී පුතා ඇය සමග හාදවීමට කාලයක් තිස්සේ උත්සාහ කර තිබුණ නමුත් එයට ඇගේ කැමැත්ත ලැබී නැති බව කාන්තාවගෙන් කළ විමසීමේදී පොලිසියට ප‍්‍රකාශ කර තිබෙනවා.
පොල්පිතිගම ගලේවැව නදීකා නිල්මිණි (30* හා ඇගේ අවුරුදු තුනහමාරක් වයසැති පුතු දම්සර දෙනුවන් පෙරේදා (21* පෙරවරු 11.45ට පමණ මෝටර් රථයකින් පැමිණි මන්ත‍්‍රී පුතා ඇතුළු පිරිස ගල්ටැම්වැව ප‍්‍රදේශයේ දී මෝටර් රථයකට බලෙන් දමාගෙන රැගෙන ගිය අතර පොලිසිය හා ප‍්‍රදේශවාසීන් ඔවුන් පසුපස ලූහුබැඳ ගිය අවස්ථාවේ වැල්ලව, කැකුළුලාවල ප‍්‍රදේශයේ අතුරු මාවතක කාන්තාව සහ දරුවා දමා පලාගොස් තිබුණා.
පසුව වීරඹුගෙදර පොලිසිය හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයාගේ පුත‍්‍රයා සහ මන්ත‍්‍රීවරයාගේ බාල සහෝදරයාගේ පුතු අත්අඩංගුවට ගන්නා ලදී. මෙම සැකකරුවන් දෙදෙනා මහව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඊයේ (22* ඉදිරිපත් කරා.
පැහැරගැනීමට ලක් වූ කාන්තාව පොල්පිතිගම පොලිසියට මෙසේ කියා තිබුණා.
ලක්ෂ ගණනාවක දෑවැදි සමග මම විවාහ වුණත් මගේ සැමියා වෙනත් කාන්තවක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වනවා. ඒ බව ඔහුගේ අම්මා, තාත්තා ද ගමේ අය ද දන්නවා. ඔහු මටවත් මෙම දරුවාටවත් වියදමට මුදලක් පවා දෙන්නේ නැහැ. නමුත් සැමියාගේ මව්පියෝ මටත් දරුවාටත් පණවගේ සලකනවා. ඒ නිසා මම එම නිවසේ ඉන්නවා. පළාත් සභා මන්ත‍්‍රීවරයාගේ පුත‍්‍රයාගෙන් මට නිතර නිතර කරදර තිබුණා. මගේ එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. ඔහුගෙන් සිදුවුණ කරදර ගැන මා පොලිසියට ද පැමිණිලි කර තිබෙනවා.
එම මන්ත‍්‍රීවරයාගේ පුතා පොලිසියට කැඳවා ඇයට කරදර නොකරන ලෙසට අවවාද කර මුදාහැර තිබෙන බවත් ඔහුත් මෙම කාන්තාවත් විවාහක බැවින් ඔවුනට එසේ යළි විවාහ වීමට නීතියෙන් අවසර නොමැති බවත්, මෝටර් රථයට ව්‍යාජ අංක යොදා මෙසේ පැහැරගෙන යාම තුළ එසේ විවාහකර ගැනීමට රැගෙන ගියා ද යන්න සැක සහිත බවත් පොලිසිය පවසනවා.
මෝටර් රථයෙන් පැහැරගෙන යන අවස්ථාවේ දී මෙම අපරාධකරුවන් සමග ඇයගේ සැමියා වන තුසිත කුමාර වරින් වර දුරකථන මගින් පණිවිඩ හුවමාරු කරගත් බවට එම කාන්තාව ප‍්‍රකාශ කිරීම නිසා ඔහු ද පොලිසියට කැඳවා ප‍්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
තොරතුරු - සිදත් කැලේගම