ජනතා විරෝධි පනතක් ගෙනා යුක්රේන මන්ත‍්‍රී කුණු බක්කියට
යුක්රේනයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව උද්ඝෝෂකයින් පිරිසක් කුණු බක්කියක දමා ටයර් වලින් පහරදීමේ සිද්ධියක් පෙරේදා වාර්තා වුණා. යුක්රේන පාර්ලිමේන්තුව ඉදිරිපිටදී මෙම දේශපාලනඥයා අල්ලා ඔවුන් පහරදී කුණු බක්කියට දමා ඇත්තේ ඔහු විසින් ජනතා විරෝධි ආර්ථික පනතක් සම්මත කිරීමට කටයුතු කරන ලද නිසාය.
සිද්ධියට මුහුණ දී ඇත්තේ බලයෙන් පහකරන ලද හිටපු ජනාධිපති වික්ටර් යනුකෝවිච්ගේ උපදේශකවරයෙකු ලෙස සිටි එරට ආර්ථික සංවර්ධන පක්ෂයේ නියෝජ්‍ය නායකයා හා මන්ත‍්‍රීවරයෙකු වන විතාලි ෂුරව්ස්කි ය.
ඔහු සිද්ධිය ගැන යුකේ‍්‍රන රූපවාහිනියට පවසා ඇත්තේ එම සිදුවීමෙන් පසු ශාරීරිකව හා මානසිකව ඇදවැටුණ බවයි.
එම සිද්ධිය සඳහන් වීඩියෝව හා ඡායාරූප පහතින්





