රත්නපුරේදී තරුණියට පහරදුන් පොලිස් නිලධාරියා ඕඅයිසීට අඳුනන්න බැරිලූ

පොලිස් නිල ඇඳුමින් සැරසුණු නිලධාරියකු රත්නපුරය නගරයේ බස්නැවතුම්පළ ඉදිරිපිටදී තරුණියකට ඉතා අමානුෂික අයුරින් පහර දෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

දෙනෝදාහක් දෙනා බලා සිටියදී එම පොලිස් නිලධාරියා විසින් බඳපටියක් වැනි දෙයකින් බිම වැටී සිටින තරුණියට පිට පිට පහර දෙන අයුරු එම වීඩියෝවේ දැක්වේ.


”අනේ සර්..... මම වැරැද්දක් කරලා නැහැ....” යනුවෙන් ඈ පවසද්දීත් එම පොලිස් නිලධාරියා පහර දෙන අයුරු වීඩියෝවේ දැක්වේ.

පොලිස් නිලධාරියකු කරන මෙම අමානුෂික පහරදීම සහිත වීඩියෝව ගැන විමසීමට අප රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත ප‍්‍රනාන්දු මහතා සම්බන්ධ කරගත්තෙමු.

”මමත් ඔය වීඩියෝව බැලූවා. නමුත් මේ පොලිස් නිලධාරියා කුමන පොලිසියක සේවය කරන කෙනෙක්ද? මෙයා කවුද? කියලා තාම හඳුනාගෙන නැහැ. මේ පහරදීම කරන ස්ථානය කොතැනද කියලත් තාම හඳුනාගෙන නැහැ.
මේ පොලිස් නිලධාරියා හඳුනාගැනීමට විමර්ශනයක් කෙරෙනවා. පහරදීම කරන නිලධාරියා යම් වරදක් කළ බව ඔප්පු වුණොත් ඔහුට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නවා”
පහරකෑමට ලක් වූ තරුණිය ගැන ඊයේ සවස වනතුරුත් හෙළි වී නොතිබිණි.

වාර්තාව - ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ශිරාන් රණසිංහ

එම වීඩියෝව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි