නුවරඑලියට ටොනාඩෝවක් නිවාස 15 කට හානි


නුවරඑළිය ප‍්‍රදේශයට ඊයේ (28) පස්වරුවේ දැඩි වර්ෂාවක් පැවති අතර නුවරඑළිය බොරලන්ද ප‍්‍රදේශයට සුළු ටොනාඩෝ තත්වයක් ඇතිවී තිබෙනවා.
මෙම ටොනාඩෝ තත්වය නිසා නිවාස 15 කට හානි සිදුවී ඇති බව නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි මහතා පැවසුවා.

මෙම ටොනාඩෝ තත්වය විනාඩියක් පමණ කාලයක් තිබුන බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ. කිසිවෙකුටත් අනතුරක් නොමැති අතර විපතටපත් නිවාස වලට ආපදා කළමණාකරන ඒකකයෙන් සහන සැලසීමට කටයුතුකර ඇති බව නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම්වරයා පැවසුවා.
 වාර්තාව හා ඡායාරූප - රංජිත් රාජපක්ෂ








Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි