‘තුන් වතාවක් අඬගහල මං බෑ කිව්ව නිසා මට ගැහුවෙ’ පොලිස් පහරකෑමට ලක්වූ රත්නපුර වීදි සරණ ලිය කතා කරයි

පසුගිය දිනවල අන්තර්ජාලයේ ආන්දෝලනයක් ඇති කරන ලද රත්නපුර කාන්තාවකට පොලිස් නිලධාරියෙකු පහරදුන් සිද්ධියේ සියලූ කාරණා දැන් අනාවරණයවී අවසන්ය.
මෙම පහරදීම සිදුව ඇත්තේ රත්නපුර නගරයේ වීදි සරණ ලියක සමග නොමිලයේ යහන් ගතවීමට පොලිස් නිලධාරියකු තෙවරක්ම උත්සාහ කර එයට ඇය අකමැතිවීමෙන් පසුය.

එම පුද්ගලික කාරණාව මත වෙනත් වරදකට දඬුවම් දෙන පරිද්දෙන් එම නිලධාරියා රාජකාරී නිල බලය පාවිච්චි කර ප‍්‍රසිද්ධියේ පහරදී ඇත.
සිද්ධිය සිදුව ඇත්තේ රත්නපුර බස්නැවතුමේ කෝප් සිටි
ඉදිරිපිටදීය.
තමාට පොලිස් සැරයන්වරයා විසින් අමානුෂික ලෙස පහරදෙනු ලැබුවේ ඔහුත් සමග යහන්ගතවීමට නොගිය නිසා බව වීදි සරමින් ගණිකා වෘත්තියේ යෙදුණ මේ ස්ත‍්‍රීය මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.
රත්නපුර, කනාදොළ ප‍්‍රදේශයේ පදිංචි ඇය කියා සිටියේ දරුවන්ට කෑම බීම ලබාදීම සඳහා තමන් යම් මුදලක් සොයාගැනීමට පිරිමින් සමග යන බවයි.

දින කිහිපයකට ඉහතදී මෙම පොලිස් නිලධාරියා තමාට යහන්ගතවීමට යෝජනාවක් කළ නමුත් තමන් විසින් එකී යෝජනාව ප‍්‍රතික්ෂේප කර තිබියදී දෙවන හා තෙවැනි යෝජනාද තමාට කළ බවත් මේ සියල්ල ප‍්‍රතික්ෂේප කළ නිසා ඔහු තමා සමග කෝපයෙන් සිටි බව ඇය පවසනවා. ඇය පැවසූ ආකාරයට පොලිස් නිලධාරියා ඇයගේ වෘත්තියට බාධා කරමින් නොමිලයේ යහන් ගතවන්නට උත්සාහ කර ඇති බවක් ඉ`ගි කෙරුණා.
මෙම කෝපය මත ඇගෙන් පලිගන්නට උපායක් යෙදූ පොලිස් නිලධාරියා ගංගා නම් තවත් කාන්තාවකට කතා කොට තමන් සමග ගැටුමක් ඇති කරගන්නා ලෙස දන්වා තිබුණ නිසා සිද්ධිය වූ දිනයේ රණ්ඩුවකට පැටළුණු බවත් ඒ ගැටුම යන අතරවාරයේ ඔවුනගේ සැලසුම පරිදි ඇය එම පොලිස් නිලධාරියාට කතා කොට තමාට පහරදෙන ලෙස ඉල්ලා සිටි බව මෙම ස්ත‍්‍රීය පවසනවා.


ඒ අනුව වහා එතනට පැමිණි පොලිස් නිලධාරියා තමාට අසභ්‍ය වචනයෙන් බැණවැදී වයරයකින් පහරදුන් බවත්, අනතුරුව බිම දමාගෙන පයින් පහරදුන් බවත් ඇය කියා සිටියා.

අන්තර්ජාලයේ පැතිරුනේ මෙම අවස්ථාවේ ජංගම දුරකථනයකින් පටිගත කළ වීඩියෝවකි.
කෙසේ වෙතත් ඇය එතරම් විශ්වාසයක් නැතිව කියා සිටියේ තමන් එම පහරදීම පිළිබඳ පැමිණිල්ලක් කිරීමට පොලීසියට ගියද ඒ මොහොතේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නොසිටි බැවින් තමන් ආපසු හැරී ආබවයි.
සිද්ධියට දින 8ක් පමණ ගතවී ඇති බවත් පහරකෑම නිසා ඇයට හිසේ අමාරුව හා වමනය ඇතිවූ බවත් ස්ත‍්‍රීයගේ සැමියා පවසනවා.

තම බිරිඳ වැඩිපුර ගැවසෙන්නේ බස්නැවතුම ආශ‍්‍රිතව බවත්, එදිනද තමන් සමග නගරයට ගොස් තමන් කල්වේලා ඇතිව තමන් පැමිණිය නමුත් ඇය බස් නැවතුම්පළේ නැවතුණු බවත් ඔහු කියා සිටියා.
මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයාගේ නම හෙළිකර නැති නමුත් ඔහුව සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ඊයේ සවස නිවේදනය කර තිබුණා.

ඇය සිද්ධිය විස්තර කළ ආකාරය පහත වීඩියෝවේ දැක්වෙනවා

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්