ආසියාවේ ධනවත්ම සූදුකරුවන් 50 න් දෙදෙනෙක් ලාංකිකයන්
මෙරට ප‍්‍රබලම කැසිනෝ ව්‍යාපාරිකයින් ලෙස වැජඹෙන ශ‍්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා වන ධම්මික පෙරේරා මහතාත් ජේම්ස් පැකර් සමග හවුලේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන රවී විජේරත්න මහතාත් ආසියානු සූදු සඟරාවේ 2014 වසරේ ප‍්‍රමුඛතම 50 දෙනාගේ ලැයිස්තුවට තේරී පත්වී සිටී.
මේ අනුව, මෙම ලැයිස්තුවේ ධම්මික පෙරේරා මහතා 26 වන ස්ථානයටත් රවී විජේරත්න මහතා 48 වන ස්ථානයටත් පත්ව තිබෙන අතර ධම්මික පෙරේරා විසින් ලොව සුප‍්‍රසිද්ධම කැසිනෝ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුම පසුකරමින් ඉදිරියෙන් සිටීම මෙහිදී කැපී පෙනේ.
ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව විසින් මෙරට ධනවත්ම පුද්ගලයා ලෙසින් නම්කළ ධම්මික පෙරේරා මහතා වැලිබල් වන් සමාගම් සමූහයේ සභාපතිවරයා මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂවරයා වේ.
මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් තිබීම හමුවේ ඔහු විසින් ඩොලර් මිලියන 350 ක් ආයෝජනය කරමින් ක්වීන්ස්බරි ලෙෂර් නමින් හෝටල් ව්‍යාපෘතියක් කොළඹ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර රවී විෙ–රත්න මහතා කොළඹ ඞී.ආර්. විජේවර්ධන මාවතේ ඩොලර් මිලියන 350 ක් පමණ ආයෝජනය කරමින් හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන්නේ ජේම්ස් පැකර් සමගයි.
adaderanabiz.lk