වාරියපොල තරුණිය මිලියනක වන්දි ඉල්ලයි

පසුගියදා අන්තර්ජාලයේ ආන්දෝලනයක් ඇති කරමින් වාරියපොළ බස් නැවතුම්පොළේදී තරුණයෙකුට පහරදුන් තරුණිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් රුපියල් මිලියනයක වන්දියක් ඉල්ලා තිබේ.

තිළිණි අමල්කා නැමැති තරුණිය මෙසේ සිය පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබෙන්නේ ඇය පහරදුන් චන්ද්‍ර කුමාර (සෙල්වා*, වාරියපොළ පොලීසියේ කාන්තා පොලිස් කොස්තාපත්වරියක, වාරියපොළ පොලිස් ස්ථානාධිපති, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස්පති හා නීතිපතියි.