මාලඹේ පුද්ගලික වෛද්‍ය උපාධි සායනවලට රජයේ රෝහල් දීලා

මාලඹේ පිහිටි පුද්ගලික වෛද්‍ය උපාධි ආයතනයට මෙතෙක් කල් සායන පැවැත්වීමේ අවස්තාව රජයේ රෝහල් වල ලබා නොදුන්නත් අද එය ලබාදී ඇති බවත් එයට විරෝධය පළකරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දන්වා සිටී.
ඔවුන් ඒ ගැන කියන නිවේදනයේ මෙසේ දැක්වේ.

මාලඹේ සයිටම් ආයතනය මෙරට ජනතාව දිගින් දිගටම නොමග යවමින් ආරම්භ කල උපාධි ප‍්‍රදාන

අයතනයකි. එය එලෙස තිබියදී ආණ්ඩුව මාලඹේ එම ආයතනය පෞද්ගලික උපාධි ප‍්‍රදාන ආයතනයක් ලෙස එයට නිලබාවයක් ලබාදීමට දිගින් දිගටම ක‍්‍රියා කරමින් සිටින අතර අද දින මාලඹේ ආයතනයට සායන පැවැත්වීම සඳහා රජයේ රෝහල් ලබා
දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගත් මෙම තීරනයට අප තරයේ විරුද්ධ වන අතර
මේ පිළිබදව තොරතුරු හෙළි කිරීමට හා ඉදිරියේදී ක‍්‍රියාමාර්ග ගන්නට අපි බලාපොරොත්තු වෙමු.