මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහ පාරේ උද්ඝෝෂණයක

මාර්ගයක් ඉදිකිරිම සම්බන්ධ ගැටලූවක් මුල් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා අද පාදුක්ක - හොරණ මාර්ගයේ වාඩි වී විරෝධතාවක නිරත වූයේය.

ප‍්‍රදේශවාසීන් පිරිසක් එම විරෝධතාව සංවිධානය කර තිබුණේ පාදුක්ක - හොරණ මාර්ගයේ මෙතෙක් සම්පූර්ණ නොකරන ලද මාර්ගය යළි සකසා දෙන ලෙස බලකරමිනි.

මාර්ග සංවර්ධන අධිකාරිය මෑතකදී කාපට් අතුරා එම මාර්ගය සකස් කර ඇතත් එහි මීටර 300ක පමණ කොටසක් ඉතිරි වී තිබේ.
ප‍්‍රදේශවාසීන් පවසන්නේ අසළ පිහිටි ඉඩමේ හිමිකරු නිසා එම කොටස සකස් කිරීමට බාධා මතුව ඇති බවය.
ඔවුන්ගේ විරෝධතාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා ද සහභාගි විය.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරිනියක් හා මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන කොන්ත‍්‍රාකරු එහි පැමිණීමත් සමග ඇතිවූයේ උණුසුම් තත්ත්වයකි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි