ඌව ප‍්‍රබලයා භික්ෂූන්ට තිසර පට තෑගිදීලාලූ

ඌවට තරග කළ ආණ්ඩුවේ ප‍්‍රබල අපේක්ෂකයකු මනාපෙ ඉල්ලා භික්ෂුන් වහන්සේ නමකට පූජා කළ බෙහෙත් වර්ග අඩංගු තෑගි පාර්සලයක තිසර පටයක් තිබූ බව පවසමින් පුත්තලම් දිස්ත‍්‍රික්ක (එජාප* මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (23 දා* සභා ගැබෙහි තිසර පටයක් ප‍්‍රදර්ශනය කරමින් කතා කළේය.

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත පිළිබඳ පැවැති විවාදයට එක්වෙමින් පූජා කළ තෑගි පාර්සලය පාර්ලිමේන්තු ඉදිරිපත් කළේය. එසේ පූජා කළ බෙහෙත් මල්ලක මෙම තිසර පටය තිබූ බව කීවේය.

මේ අවස්ථාවේදී සභා ගැබෙහි අසුන්ගෙන සිටි පක්ෂ විපක්ෂ කාන්තා මන්ත‍්‍රීවරියන් සිනා සෙමින් රංගේ බණ්ඩාර මන්ත‍්‍රීවරයා දෙස බලා සිිටියහ.

එජාප මන්ත‍්‍රීවරයා සභා ගැබ තුළට තිසර පටයක් ගෙන ආවේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂණයක් කළ යුතු බව ආණ්ඩුව පක්ෂයේ් මන්ත‍්‍රීවරයකු ප‍්‍රකාශ කළේය.

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි