දෙහිවල හිල් වීදියේ නම මින් පසු ගාමිණී ෆොන්සේකා මාවත

හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වියෝවී මෙම 30 දාට වසර දහයකි
ගාමිණී ෆොන්සේකාගේ ගුණානුස්මරණය නිමිත්තෙන් 30 වැනිදා පෙරවරුවේ දෙහිවල හිල් වීදිය ආචාර්ය ගාමිණී ෆොන්සේකා මාවත ලෙස නම් කිරීමද සිදු කෙරේ. ගාමිණී ෆොන්සේකාගේ උපන්ගම දෙහිවල වන බැවින් දෙහිවල ගල්කිස්ස පුරපති ධනසිරි අමරතුංග මහතාගේ මැදිහත්වීම මත හිල්වීදිය මෙසේ ‘ගාමිණී‘ නමින් නම් කෙරේ.

ගාමිණී ෆොන්සේකා පදනම විසින් පවත්වන
‘ගාමිණී ගී මිණි‘ පූජෝපහාර උළෙල හෙට (27) පස්වරු 6.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.
ගාමිණී ගී මිණි ගීතමය සැඳෑවකි. ගාමිණී ෆොන්සේකා අතින් ලියෑවුණු ගී, කවි ඇතුළත් ගාමිණී ගී මිණි කෘතියද, ධර්මජිත්් පුනර්ජීව විසින් සම්පාදනය කළ ”ප‍්‍රාග්ධනය” ග‍්‍රන්ථයද මෙහිදී එළිදැක්වේ. ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේව, විශාරද නන්දා මාලිනී, විශාරද සුජාතා අත්තනායක, සොහාන් වීරසිංහ යන ශිල්පීහු එදා ගාමිණී ෆොන්සේකා රචනා කළ ගීත ගයති.
30 වනදා සවස මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපස ඇති ගාමිණී ෆොන්සේකා පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද, එම පිළිරුව පාමුල ගාමිණී ෆොන්සේකා රඟපෑ සියලූම චිත‍්‍රපටවල නාමාවලිය නිරාවරණය කිරීමද සිදු කෙරේ.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි