රිජ්වේ දොස්තර දරුවාගේ ඇඟිල්ල කැපුවේ ජීවිතේ බේරගන්නමද?
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු තුනක පිරිමි දරුවකුගේ මහපට අඟිල්ල ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් කපා ඉවත් කිරීමට සිදුවූ බවට රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් අනාවරණය කර තිබෙනවා.
දකුණතේ මහපට ඇඟිල්ල තැළීමකට ලක්ව එම දරුවා රෝහලට ඇතුළත් කර ඇති අතර එම දරුවාගේ මහපට ඇඟිල්ල ප්ලාස්ටික් සැත්කමක් මගින් යථා තත්ත්වයට පත් කළ හැකි බවට වෛද්‍යවරුන් නිර්දේශ කරද්දී එක් වාට්ටුවක ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් දරුවාගේ ඇඟිල්ල ශල්‍යකර්මයකින් ඉවත් කර ඇත.
එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් අදහස් දක්වමින් කියා සිටියේ බිංගිරිය පදිංචි අවුරුදු තුනක පිරිමි දරුවකුගේ මහපට ඇඟිල්ල තැළීමකට ලක් වෙලා 23දා රෝහලට ඇතුළත් කළා. දරුවා හත්වැනි වාට්ටුවට යොමු කළා. එම වාට්ටුවේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා තීරණය කළා දරුවාගේ මහපට ඇඟිල්ල ශල්‍යකර්මයකින් ඉවත් කරන්න. ඊට පසුව දරුවාව ශල්‍යාගාරයට යොමු කරලා නිර්වින්දනය කළා.
ඒ මොහොතේ විකලාංග වෛද්‍යවරයකු දරුවාගේ මහපට ඇඟිල්ල පරීක්ෂා කරලා කිව්වා ප්ලාස්ටික් ශල්‍යකර්මයක් මගින් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලා. ඒ මොහොතේ එයට අනෙක් වෛද්‍යවරු වගේම හෙදියන් එකඟ වුණා. ඒත් එක්කම දරුවාට ශල්‍යකර්මය නොකර ප‍්‍රකෘති තත්ත්වයට පත්කර දරුවාව වාට්ටුවටම දැම්මා.
වාට්ටුවට දැම්මට පසුව එහි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා අනෙකුත් වෛද්‍යවරුන්ට දොස් පැවරුවා ඔහුගේ අනුදැනුමකින් තොරව දරුවාගේ ශල්‍යකර්මය නොකර වාට්ටුවට යොමු කළා කියලා.
ඒ මොහොතේ වෛද්‍යවරුන් වගේම හෙදියන් ඔහුට පැහැදිලි කරලා කිව්වා දරුවාගේ මහපට ඇඟිල්ල ඉවත් කරන්න අවශ්‍ය නැහැ ප්ලාස්ටික් ශල්‍යකර්මයකට යොමු කරන්න අවසර දෙන්න කියලා. ඔහු ඇහුම්කන් නොදී දරුවාගේ ඇඟිල්ල ශල්‍යකර්මයකින් ඉවත් කරන්න පියවර ගත්තා. එය ඇත්තටම දරුවාට කළ අසාධාරණයක් යැයි ඔහු පැහැදිලි කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලින්ටන් පද්මසිරි මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ රෝගියාව රෝහලට රැගෙන එන විටත් මහපටැඟිල්ලේ ස්නායු මිය ගොස් තිබූ බවයි.
තවත් පැය භාගයක් ඇතුළත දරුවාට ශල්‍යකර්මයක් කර විනාශයට පත් වූ ඇඟිල්ල ඉවත් නොකළහොත් දරුවාගේ ජීවිතයට හානියක් විය හැකි බැවින් ඇඟිල්ල ඉවත් කර දරුවාගේ ජීවිතය බේරාගත් බව හෙතෙම පැවසීය.
හර්ෂණී වීරරත්න/චාමර අමරසුරිය