උසස්පෙළ සිසුවියගේ විහිළුවෙන් පස්සේ යකඩ කූර ඇනී සිසුවා රෝහලේ

පන්තියේදී කෙරුණ විකට වැඩක් නිසා සිසුවෙකුගේ තට්ටම ප‍්‍රදේශයේ යකඩකූරක් ඇනී ඔහු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ පුවතක් රන්පොකුණගමින් වාර්තාවෙනවා.
නිට්ටඹුව, රන්පොකුණුගම මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියක සිසුවියක් එම පන්තියේ සිසුවෙකුට විහිළු වැඩක් කරන්නට සිතා ඔහු සිටගත් අවස්ථාවක ඔහුගේ අසුන මත යකඩ කූරක්

ඔහුට හොරා තබාගෙන අල්ලාගෙන සිටි වෙලාවේ ඔහු නැවත වාඩිවෙද්දී එම කූර ඔහුගේ තට්ටම පසාරුකරගෙන ගොස් මෙම අනතුර සිදුව ඇත.
ලේපෙරාගෙන ඇදවැටුණ සිසුවා ගුරුවරුන් දෙදෙනෙකුගේ මැදිහත්වීමෙන් යකඩ කූර තිබියදීම

ත‍්‍රීරෝදරථයකින් රෝහල් ගත කළ අතර ඇනී තිබූ යකඩ කූර වතුපිටිවල රෝහලේදී සිදුකළ සුළු සැත්කමකින් පසු ඉවත් කර ඇත.
සිසුවා ඒ ආකාරයට රැගෙන ඒම ගැන වෛද්‍යවරු ප‍්‍රශංසා කර තිබුණා.
යකඩ කූර අ`ගල් 6 ක් පමණ සිරුර ඇතුළට අධෝමාර්ගය ආසන්නයට කිඳා බැස තිබුණ බවත් වෛද්‍යවරු පැවසුවා.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ රන්පොකුණුගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පවිඳු මධුසර නමැති 18 හැවිරිදි සිසුවෙකි. ඔහු පාසලේ ගුරුවරියකගේ දරුවෙකු බවද පැවසේ.
මේ වනවිට රෝහලේ 7 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන එම සිසුවාගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වුණා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්