පුහුණුකරුවා කවර රටේද යන්න අදාල නෑ - මාවන් කථා කරයි
පුහුණුකරුවකු ලෙස කණ්ඩායමක් ජයග‍්‍රහණය දක්වා රැගෙන යාමට දක්ෂතාවය තිබිය යුතු බවත්, ඒ සඳහා ඔහු ශ‍්‍රී ලාංකිකයකු ද විදෙස් පුහුණුකරුවකු ද යන්න වැදගත් නොවන බවත් ශ‍්‍රී ලංකා පිලේ නව පුහුණුකරු ලෙස පත්වූ මාවන් අතපත්තු ප‍්‍රකාශ කළේය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ ඒකමතික තීරණය අනුව පසුගියදා ජාතික
කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වූ මාවන් අතපත්තු ඊයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මේ බව පැවැසීය.
මම පෞද්ගලිකව හිතන්නේ ඇත්තටමට දක්ෂතාව තියෙනාවනම් පුහුණුකරු ශ‍්‍රී ලාංකික ද නැද්ද කියන එක් වැදගත් නෑ කියලයි. නමුත් මේ මොහොතේ කණ්ඩායමේ පුහුණුකාරිත්වය සඳහා හොඳම පුද්ගලයා තෝරාගැනීමට තමයි කමිටු පත් කරලා තිරණය ගන්නේ. මම ඉදිරිපත් වුනේ මගේ තිබුණු විශ්වාසය උඩයි මගේ හැකියාව උඩයි. කොහොමවුණත් අන්තිමට වෙන්න ඕනා කණ්ඩායමට සාර්ථකත්වයක් ලබා දීමයි.
මා කෙරෙහි පූර්ණ විශ්වාසය තියලා මාව පුහුණුකරු හැටියට පත් කිරීම ගැන ඒ අතින් මම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත වෙනවා. අපි එකතුවෙලා ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් තවත් දියුණු කරලා ජාත්‍යන්තර ජයගැනීමයි කළ යුත්තේ.‘ අතපත්තු කියා සිටියේය.තමා සහ ජාතික කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් අතර හොඳ සම්බන්ධාවක් සහ අවබෝධයක් ඇති බව ඔහු කීවේය. ‘මම ඇත්තටම සෑහීමකට පත්වෙනවා මමත් නායක ඇන්ජෙලෝ අතරත් ඇති සම්බන්ධතාව හා අවබෝධය ගැන. ඇන්ජෙලෝ විතරක් නෙවෙයි කණ්ඩායමක් හැටියට සියලූම ක‍්‍රීඩකයන් සමග මම හොඳ අවබෝධයකින් යුතුවයි කටයුතු කරන්නේ.
ඒ වගේම ක‍්‍රීඩකයනුත් ඔවුන්ගේ උපරිම දායකත්වය කණ්ඩායමට ලබාදෙමිනුයි සිටින්නේ. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් පවා තවමත් ඔවුන්ගේ දස්කම් ඉස්මතු කරගන්න යම් යම් දේවල් අධ්‍යයනය කිරීමට පසුබට වෙන්නේ නෑ.‘ අතපත්තු කියා සිටියේය. තමාට පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ දී කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත්, විශේෂයෙන් කණ්ඩායම තෝරාගැනීමේ දී දේශපාලනික වශයෙන් හෝ කිසිදු බලපෑමක් එල්ල වී නැති බව ඔහු පැවැසීය. දේශපාලන බලපෑම් කිසිවක් මට නෑ. මට ලංකාවේ ක‍්‍රිකට්වල එහෙම දෙයක් පෙනෙන්නේ නෑ. අපි හැමෝම විනිවිදභාවයකින් යුතුව කටයුතු බවයි මගේ හැඟීම. මම කැමතියි එහෙම වැඩ කරන්නයි.
පරිපාලනයට වගේම ක‍්‍රීඩකයන්ටත්, ක‍්‍රීඩාලෝලීන්ටත් විනිවිද භාවයක් පෙනෙන අයුරින් කටයුතු කිරීමයි මගේ අරමුණ.‘ ඔහු සඳහන් කළේය. ‘ජාත්‍යන්තර තලයේ විශිෂ්ට ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලැබීමට තරම් මම වාසනාවන්තයි. මම වසර ගණනාවක් පුරා ක‍්‍රීඩකයෙක්,
නායකයෙක් ලෙස ජාතික කණ්ඩායමට උපරිම දායකත්වය ලබාදුන්නා. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මට ඇති බලවත් ආසාව හා උනන්දුව නිසා පුහුණුකාර තනතුරට ඉදිරිපත් වුණා. මට හොඳ පරිපාලන හා කලමනාකරණ කණ්ඩායමක් ලැබී තිබෙනවා. ඒ වගේම කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වාගෙම හොඳ නායකත්වයකුත් එක්ක.
ඉතින් අපි ඉදිරියේ ඇති කෙටිකාලීන හා දිගුකාලීන අරමුණු ඉටු කරගැනීමට බලාපොරොත්තු වෙනවා. එගොල්ලෝ නිතරම අලූත් දේවල් ඉගෙන ගන්න බලාගෙන ඉන්න කට්ටියක්. මම ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම මගේ ක‍්‍රිකට් දැනුම බෙදා හදා ගැනීමට ලැබුණු මේ අවස්ථාව මට ඉතා වැදගත් එකක්. ‘ මාවන් අතපත්තු කීවේය. වසර දෙකක කාල සීමාවකට ජාතික පිලේ පුහුණුකරු ලෙස පත්වූ මාවන් අතපත්තුට ඉදිරියේ ඇති ප‍්‍රධානතම ඉලක්කය එක්දින ලෝක කුසලාන තරගමාලාවය. ඒ සඳහා ක‍්‍රීඩාවේ සෑම අංශයකින්ම කණ්ඩායම තව දුරටත් දියුණු කළ යුතු බව ඔහුගේ අදහසය. මේ වනවිට පාදයේ ආබාධයකට ලක්ව සිටින ලසිත් මාලිංග හා පන්දු යැවීමේ ඉරියව් නිවැරැදි කරගනිමින් සිටින සචිත‍්‍ර සේනානායක ඉදිරියේ දී නැවත කණ්ඩායමට එක්වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
‘ලසිත් මාලිංග කාලයක් තිස්සේ ඔහුගේ පාදයේ ආබාධයක් තියාගෙනයි ක‍්‍රීඩා කළේ. දැන් ඔහුට ඒ සඳහා ප‍්‍රතිකාර ගන්න සිදුවෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මැද හරියේ විතර ඔහුට නැවත කණ්ඩායමට එක්වෙන්න ලැබේවි කියලා. නවසීලන්තය සමග තරග කීපයකට හා ලෝක කුසලාන පුහුණු තරගවලට. ඒ වගේම සචිත‍්‍ර ඔස්ට‍්‍රේලියාවේ මේ වනවිට ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කරගනිමින් සිටිනවා. ඔහුත් ඉදිරියේදි අපේ සංචිතයට එක්වේවි කියලා බලාපොරොත්තු වෙනවා. අපට ලෝක කුසලාන තරගාමලාවට පෙර එක්දින තරග 15ක් විතර තියෙනවා. ඒවා ජයගෙන ජයග‍්‍රාහී මානසිකත්වයකින් යුතුව ලෝක කුසලාන තරගමාලාවට එක්වෙන්න බලාපොරොත්තු වෙනවා.‘ ඔහු පැවැසීය.
ෆවුස් මොහොමඞ්