මෙක්සිකානු පොලිස් සීසීටීවී කැමරාවට හසුවූ හොල්මන් දසුන

හොල්මන් පිළිබඳ ආරංචි බොහෝ බටහිර ප‍්‍රවෘත්ති මාධ්‍ය එතරම් ගණනකට ගන්නේ නැත. නමුත් ඇමරිකාවේ ෆොක්ස්, සීඑන්එන් ප‍්‍රමුඛ ප‍්‍රධාන පෙළේ මාධ්‍ය පෙරේදා මෙක්සිකානු පොලිසිය වාර්තා කළ හොල්මන් දසුනේ සීසීටීවී දර්ශන ප‍්‍රචාරය කළා.



මෙම සීසීටීවී දසුන නව මෙක්සිකෝවේ එස්පනෝලා නුවරින් වාර්තා වනවා.
මෙහි සඳහන් හොල්මන් දර්ශනය අධි ආරක්ෂක කලාපයක සවිකළ කැමරාවකින් ලබාගෙන තිබෙන අතර කිසිවෙකු එම පෙදෙසට ඇතුළුවූයේ නම් පොලිසිය දැනුවත්විය යුතු නමුත් එවැන්නෙකු නැතිවීම නිසා මෙය හොල්මනක් ලෙස සලකා තිබෙනවා. මෙම ස්ථානයේ දින කිහිපයකට ඉහත මිනීමැරුමක් සිදුවූ නිසා ඇතැමුන් මෙය හොල්මනක් බව තවත් විශ්වාස කරනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි