ජෝර්ජ් බුෂ්ට පහරදුන් සපත්තුව වගේ ටීබීගේ කැඩුණු සපත්තු කුට්ටම ඉතා වටිනවා එයින් කියන්නේ ඇමතිතුමාගේ දැක්ම හා චින්තනය - සුදත් රෝහණ

පසුගියදා චීන ජනපතිවරයා පැමිණි අවස්ථාවේ සංස්කෘතික ඇමති ටීබී ඒකනායක අඩිය ගැලවුණ සපත්තු කුට්ටමක් දමාගෙන ගිවිසුම් අත්සන් කරන්නට ගොස් විවිධ අයගේ උසුළු විසුළුවලට බඳුන් වූයේය.
මෙය අත්වැරැද්දක් ලෙස සලකා දවසකින් දෙකකින් අමතක කරදමන්ට මාධ්‍ය හා ජනතාව සූදානම්ව සිටියත් ඇමතිවරයා ඒ ගැන ප‍්‍රති උත්තර බඳිමින් අලූත් කතා ගොඩනගමින් මෙය රටට ලජ්ජාවක් නොව ලංකාවට කීර්තිය හා විදේශ මුදල් ගෙනඒමට මග පෑදුණු අගනා අවස්ථාවක් බව

දක්වමින් කථාවට නැවතත් පණදෙමින් සිටී.
නිවසේ තිබූ පරණ සපත්තු කුට්ටම දාගෙනවිත් ජනපති ලේකම් කාර්යාලය අසළදී වාහනයෙන් බසිද්දීම සපත්තු දෙකේ අඩි ගැලවුණ බව කියන ඇමතිවරයා ‘ පොළවේ පයගසා ජීවත්වන තමන්ගේ ගමේ ගතිය නිසා’ එඩිතරව ලංකාවේ සංස්කෘතිය නියෝජනය කිරීමට එය තවදුරටත් දාගෙන ගොස් ගිවිසුම් අත්සන් කළ බව කියා සිටියේය.
ඉන් දින දෙකකට පසු ඔහු කියා සිටියේ ලෝක අවධානයට ලක්වූ සපත්තු කුට්ටම දැන් කෝටි ගණනක් ගෙවා ලබාගන්නට ගැණුම් කරුවන් පෙළගැසී සිටින බවයි. කෙසේවෙතත් ලංකාවේ අපකීර්තියට හොඳ මිලක් ගෙවන මෙම ගැණුම් කරුවන් ඔහු හෙළිකර තිබුනේ නැත.

මෙම වෙන්දේසියේදී සපත්තු කුට්ටම විකිණීම සිදුකරන ආකාරය තීරණය කිරීම සඳහා කමිටු පත්කිරීමට තරම් මෙම සංස්කෘතික ඇමතිවරයා පසුව උනන්දු විය.

එම කමිටුවට මහාචාර්ය මුදියන්සේ දිසානායක,සංස්කෘතික අධ්‍යක්ෂ විජිත් කණුගල හා ටෙලි නිර්මාණවේදී සුදත් රෝහණ ඔහු විසින් පත්කරනු ලැබ ඇත.

ඊයේ දෙරණ නාලිකාවට අදහස් දැක්වූ කමිටු සාමාජික සුදත් රෝහණ මහතා කියා සිටියේ මෙම කැඩුණු සපත්තු කුට්ටම නොසිතන තරම් විශාල වටිනාකමක් ඇති එකක් බවයි.
ඇමරිකාවේ ජෝර්ජ් බුෂ්ට පහරදුන් සපත්තු කුට්ටමද විශාල ගණනකට මිල වූ බවත් මෙය එවැනිම සිදුවීමක් නොවුණත් ඒ හා සමාන වැදගත්කමක් මෙහි ඇති බවයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඇමතිවරයාගේ දැක්ම හා චින්තනය ඉතා වැදගත් බවද ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළකළ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්