පොලිස් නිලධාරියෙකු රත්නපුරදී කාන්තාවකට පහර දුන් වීඩියෝ දර්ශන

රත්නපුර බස් නැවතුම්පළ ආසන්න ස්ථානයක සිදුවුණ බව දක්වමින් කාන්තාවකට පොලිස් නිලධාරියෙකු පහරදෙන දර්ශන ඇතුළත් වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ කථාබහක් ඇති කර තිබෙනවා.

මෙම වීඩියෝව එම ස්ථානය අසළ සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් පටිගත කරගෙන අන්තර්ජාලයට මුදාහැර ඇත.

මෙය කවර කරුණක් නිසා කවරෙකුට පොලිස් නිලධාරියා පහරදෙන්නේදැයි පැහැදිලි නැති නමුත් ඉතා අමානුෂික ලෙස පිරිසක් බලා සිටියදී කාන්තාවගේ කොණ්ඩයෙන් ඇද බිම පෙරළා බැටන් පොල්ලක් වැනි දෙයකින් පහරදෙන හැටි මෙම සංස්කරණය නොකළ වීඩියෝවේ දැක්වෙනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි