කොල්ලූපිටි තරුණයා ටැමිල් ෆිල්ම් එක විදියට ඉන්ටර්නෙට් එකෙන් ෆෝන් ජාවාරමක් කරලා

දමිළ චිත‍්‍රපටයක් නරඹා එහි ප‍්‍රධාන නළුවා සිදුකළ රංගනයට හිතගොස් ඒ ආකාරයෙන් හැසිරෙමින් අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකථන මිලදී ගන්නා බව පවසා දුරකථන සොරකමේ ගිය 27 හැවිරිදි තරුණයකු කොල්ලූපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා පසුගිය කාලයේ ජනප‍්‍රිය දමිළ
චිත‍්‍රපටයක් නරඹා ඇත. එහි ප‍්‍රධාන නළුවා අන්තර්ජාලය ඔස්සේ දුරකථන මිලදී ගන්නා බවට දැන්වීම් පළකොට ගැනුම්කරුවන් තැන් තැන්වලට ගෙන්වා දුරකථන සොරකම් කරයි. මෙම චිත‍්‍රපටය බැලූ මෙම තරුණයාට මෙය අත්හදා බැලීමට සිතී ඔහු ඒ ආකාරයෙන් මෙරට ප‍්‍රසිද්ධ නොමිලේ වෙබ් දැන්වීම් ප‍්‍රචාරණය කරන වෙබ් අඩවියක විශාල මිල ගණන් සහිත ජංගම දුරකථන මිලදී ගන්නා බවට ප‍්‍රතිචාර දක්වා ඇත. ඒ අනුව සැපයුම්කරුවන් විවිධ ස්ථානවලට ගෙන්වා දුරකථනය අතට ගෙන එයට මුදල් දීමට සැරසෙන මුවාවෙන් සැරසී වහා පළාගොස් දුරකථනය ගෙන සැඟව ගොස් ඇත.
මේ ආකාරයෙන් ජංගම දුරකථන 05ක් පමණ මොහු සොරා ගෙන ඇතැයි කියැවුණා.

ඔහු පොලිසියට හසුවූ පසු මේ වන විට එම ජංගම දුරකථන 05 ද සොයාගෙන ඇත. එහි වටිනාකම ලක්ෂ 4ක් පමණ වන බව සඳහන් වේ. මෙම තරුණයා මීට පෙර දුරකථන සිම්පත් සමාගමක සේවය කළ අයකු බව සඳහන් වේ.

කොල්ලූපිටිය අපරාධ අංශ ස්ථානාධිපති ජනක කුලරත්න මහතාගේ මෙහෙයවීම මත සැරයන්වරුන් වන (27328* ප‍්‍රසන්න, (37060* සනත්, (66494* සමීර, (63397* කපිල යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

ගයාන් ගාල්ලගේ

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්