රූපලාවන්‍ය දොස්තරව හිරේදි ඉන්ටවිව් කරපු මාධ්‍යවේදියා සොයයි
එන්නතක් විස වී වෛද්‍යවරියක මිය යාමේ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයා බන්ධනාගාරයේ දී මාධ්‍යවේදියකු සමඟ සිදු කරන ලද සම්මුඛ සාකච්ඡා සම්බන්ධ සී.සී .ටී .වී කැමරා දර්ශන පොලිසියට ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ(26) කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කෙළේය.
සැකකාර වෛද්‍යවරයා හමුවීමට පුවත්පතක මාධ්‍යවේදියකු 2014/08/23 වැනි දින
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත ගිය බවට තොරතුරු අනාවරණය වන බව පැවසූ පොලිසිය එම ලිපිය 2014/08/24 වැනි දින පළ වු බවත් මහේස්ත‍්‍රාත් නියෝගයට අනුව සිද්ධිය සම්බන්ධ පරික්ෂණයක් පවත්වන බැවින් මෙම සි.සී .ටී.වී කැමරා දර්ශන තමන් වෙත ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කෙළේය.
සිද්ධිය ඊයේ යළි කැඳවු අවස්ථාවේ දී පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසූවේ මිය ගිය වෛද්‍යවරියගේ මරණ පරික්ෂණ සාක්කි කැඳවා අවසන් බවත් පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව මෙතෙක් ලැබි නොමැති බැවින් අධිකරණ වෛද්‍ය නිලධාරි ශ‍්‍රියන්ත අමරසිංහ මහතා වෙත සිතාසි නිකුත් කරන ලෙසය.
සිද්ධියට අදාළ රස පරික්ෂක වාර්තා මෙතෙක් ලැබි නොමැති බවත් පරිගණකය හා කැමරා සම්බන්ධ වාර්තා මොරටු විශ්ව විද්‍යාලය වෙත යොමු කැර ඇති අතර එම වාර්තා ද මෙතෙක් ලැබි නැති බවට පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
තවද සැකකාර වෛද්‍යවරයා රක්ෂිත බාරයේ සිටිය දී ඔවුගේ ප‍්‍රකාශ කෙසේ ලබාගෙන පුවත්පතට ලිපියක් පල කෙළේද යන්න සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරි ජයරත්න මහතාගේ ප‍්‍රධාන්‍ත්වයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පැවසූ පොලිසිය මේ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින් කිහිපදෙනකුගේ ප‍්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවත් සාකච්ඡාව පැවැත්වු දින දර්ශන අඩංගු සී.සී.ටී.වී කැමරා දර්ශන හා එදින බන්ධනාගාර ලේඛන පොත පොලිසියට ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කෙළේය.
ඉකුත් නඩු දින රිමාන්ඞ් බන්ධනාගාරයේ අධිකාරිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කැර තිබුණත් අද දින ඔහු අධිකරණය වෙත පැමිණ අධිකරණයට කරුණු නොදක්වා හදිසි අවශ්‍යතාවයක් යැයි පවසා පිටව ගිය බවට පොලිසිය අධිකරණයට දැන්වීය.
අදාළ කරුණු සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා රිමාන්ඞ් බන්ධනාගාර අධිකාරිවරයාට ලබන මස 03 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් දෙවැනි වරටත් නොතිසි නිකුත් කරමින් අදාළ සී.සී.ටී.වී දර්ශන හා ලේඛන පොලිසිය වෙත ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කෙළේය.
සිරන්ජනී කුමාරී