අවුරුදු එකහමාරේ සිඟිත්තිය වතුර වලකට වැටී මරු දකී


මාස දහ අටක් වයසැති බිළිඳියක ඊයේ (29දා) නොච්චියාගම, ඉහළ වැටියාව ප‍්‍රදේශයේ ජලය පිරි වළකට වැටී මියගොස් ඇත.
සත්සරා මදුෂානි නැමැති දැරිය මෙසේ මියගොස් ඇත.
දැරියගේ මව මීට සිව් මසකට පමණ පෙර ගෘහ සේවය සඳහා විදේශගතව ඇති අතර පසුව ඇය පියා සහ මිත්තනියගේ රැකවරණ මධ්‍යයේ ජීවත්ව ඇත.

ඊයේ (29දා) උදේ 7.30 ට පමණ අසල්වැසි නිවසේ පදිංචිව සිටින නිවැසියන් දැරියගේ පියාට තේ පානය කිරීමට එන ලෙසට කළ දැනුම් දීමකට අනුව ඔහු එහි ගිය අවස්ථාවේ දැරියද ඔහු පසුපසින් ගොස් තිබේ.
දැරිය පැළඳ සිටි පාවහන් යුගලය ජලය පිරිවළේ දිය මත පාවෙමින්
තිබියදී හමුවීමෙන් පසු අසල්වැසියකු වළට බැස පරීක්ෂා කිරීමේදී දැරියගේ සිරුර මඬේ එරී තිබියදී සොයාගෙන තිබේ.
දැරියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (29දා* නොච්චියාගම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, නොච්චියාගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අනුරාධපුර පර්සි කුරුනේරු

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි