ටයිටැනික් නිරුවත උඩින් අත්සන දාන්න බැරිව රෝස් දුකින්

සුප‍්‍රකට ටයිටැනික් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට ර`ගපෑ හොලිවුඞ් නිළි කේට් වින්ස්ලට්
පරණ කතන්දරයක් නිසා කම්පනයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය හෙළි කරනවා.
1997 වර්ෂයේ තිරගත වු ටයිටැනික් චිත‍්‍රපටය නිසා ඇය ලෝකය පුරාම අතිශය ජනප‍්‍රිය වූ අතර අනතුරුව ඇය ර`ගපෑ චිත‍්‍රපට රාශියක් තුළද කැපී පෙනෙන භූමිකාවන්හි නිරතවුණා.

ඇය ටයිටැනික්හිදී නිරුවතින් සිටිමින් දියමන්ති මාලයක් පමණක් පැළඳ රගපෑ
ජවනිකාවට ලැබුණ ප‍්‍රතිචාරයක් නිසා ඇය මෙම කම්පනයට ලක්ව ඇත.
තමාගේ උඩුකය නිරුවත් ජායාරූපයේ සමරු අත්සන් තබා ගැනීම සඳහා තමා සොයා පැමිණෙන රසිකයින් නිසා තමා දැන් අපහසුවට පත්ව සිටින බවත් ඒ කාලයේ ඒ ගැන තැකීමක් නැතිවුණත් දැන් වර්ෂ 17 කට පසු තමාගේ තලස්තෑනි වයසේදී මේ ආකාරයේ දෙයකට අත්සන් දාන්න යාම තරමක් චකිතයක් හා කම්පනයක් ඇති කරවන අවස්ථාවක් බවත් ඇය කියා සිටිනවා.
තමන් දැන් එම ඡායාරූප මත අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කරන බව කේට් වින්ස්ලට් පවසනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි