පාර්ලිමේන්තුවේ 142 කට ඒලෙවල් නෑ 94 කට ඕලෙවල් නෑ -බුද්ධික
ලංකාවේ වර්තමාන පාර්ලිමේන්තු සභිකයින් අතර 142 ක් උසස් පෙළ අසමත් බවත් 94 ක් සාමාන්‍ය පෙළ අසමත් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ ප‍්‍රකාශ කළේය.
අද පාර්ලිමේන්තුව පිරිහී හරවත් සංවාදයක් ගොඩනංවාගන්නට බැරිතැනට පත්වන්නටත් විනය
පිරිහෙන්නටත් මෙය ප‍්‍රධාන හේතුවක් බව ඔහු පෙන්වා දුන්නේය. ජනතාව තෝරාගන්නා අයට අධ්‍යාපන සහතිකපත් ගැනීමේ හැකියාව නැති වුණත් වැඩකරන්නට හැකි අය සිටින බවද පවසන මන්ත‍්‍රීවරයා කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ගුණාත්මකබවටට ප‍්‍රධාන වශයෙන් බලපාන මෙම කාරණාව ගැන ජනතාව ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී සැලකිල්ල දැක්වීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවේ තත්වය මෙය වෙද්දී පළාත්පාලන ආයතන වල තත්වය මීටත් වඩා භයානක බවත් තමාට හරිහැටි සංඛ්‍යාලේඛන ඒවායේ නැති බවත් ඔහු කීය.
ඔහු කියා සිටියේ අද කාලයේ බොහොදෙනෙකු ඉගෙන ගෙන වෛද්‍යවරුන් ඉංජිනේරුවන් වන්නට ප‍්‍රාර්ථනා කළාට දේශපාලනය කිරීමට නොයන බවත් මේ තැනටපත්වීමට ප‍්‍රධාන හේතුව දූෂිතයින්,වංචාකාරයින්, මිනීමරුවන් ලෙස දේශපාලකයින් ගැන පවතින අහිතකර ප‍්‍රතිරූපය බවත් කියා සිටියේය.