සාරි 10500 යි සපත්තු 750 යි රත්තරන් කිලෝග‍්‍රෑම් 28 යි වාහන නිවාස ගොවිපළ ෂෙඞ් තේවතු රැසයි ජයලලිතාගේ වත්කම් ලැයිස්තුව


ලංකාවට ආසන්නම ඉන්දියානු ප‍්‍රාන්තය වන තමිල්නාඩුවේ තුන් වතාවක් බලයට පත්වූ ප‍්‍රබලතම දේශපාලන නායිකාව වන ජයලලිතා ජයරාම් කෝටි 66 ක වත්කම් ඔප්පු කරන්නට බැරිව ඊයේ අවුරුදු 4 ක සිර දඬුවමකට ලක්වුණා. ඒ අතර ගොවිපළ නිවාස පෙට‍්‍රල් ෂෙඞ්,තේ වතු, රන් රිදී මෙන්ම දසදහසකට වැඩි සාරි, සපත්තු කුට්ටම් රාශියක් හා වටිනා ඔරලෝසුද තිබෙනවා.

ඇය 1991 මුල්වරට මහ ඇමතිනී තනතුර භාරගන්නා විට ඉන්දියානු රුපියල් කෝටි 3 ක වත්කමක් උරුමව තිබී වසර 5 කට පසු තවත් කෝටි 61 කට වැඩි ඇදහිය නොහැකි වත්කමක් උපයාගැනීම මෙහිදී සැකයට භාජනය වූ කරුණයි.
අධිකරණය මගින් සිදු කළ විශේෂ විමර්ශනයේදී දූෂිත මුදල් වලින් රැස්කරගත් ඇගේ විශාල වත්කම් ලැයිස්තුගත කර තිබෙනවා. එම ලැයිස්තුව පහත පරිදිය.

    රිදී කිලෝග‍්‍රෑම් 800 ක්
    රත්තරන් කිලෝග‍්‍රෑම් 28 ක්
    සපත්තු කුට්ටම් 750
    සාරි 10500
    වටිනා ඔරලෝසු 91
    චෙන්නායිහි ගොවිපළ සහ නිවාස රාශියක්
    තමිල්නාඩුවේ කෘෂිකාර්මික වගාබිමක්
    හයිද්‍රාබාද්හි ගොවිපළක්
    නිල්ගිරිස්හි තේ වත්තක්
    ඉන්ධන පිරවුම්හල් ශාඛා ජාලයක්
    අධි සුඛෝපභෝගී වාහන
    විශාල මුදල් ආයෝජන සහ බැංකු තැන්පතු


ජය ලලිතාගේ මූල්‍ය දූෂණය එරට අල්ලස් කොමිසම වෙත 1997දී පැමිණිලි කර තිබුනේ ඇගේ විරුද්ධ දේශපාලනඥ සුබ‍්‍රමනියම් ස්වාමි විසිනි. මෙම නඩුව වසර 17 ක් දක්වා ඇදී යන්නට දේශපාලන බලපෑම් හේතුවූ අතර
 තමිල්නාඩුවේ මහ ඇමතිනි ලෙස ඇය නැවත පත්වූ නිසා නඩුව යටගසන්නට බොහෝ උත්සාහයන් ගනු ලැබ තිබුණා.

ප‍්‍රාන්තයෙන් එපිටට නඩුව ගෙනගොස් කර්නාටක ප‍්‍රාන්තයේ බැංගලෝර් අධිකරණයට නඩුව මාරු කළේ ඒ අනුවයි. ඒවනවිට නඩුව අවුරුදු 6 ක් විසඳුම් නැතිව විභාග වෙමින් පැවතුණා.

 නමුත් අනතුරුව දේශපාලන බලපෑම් නිසාදෝ නඩුවේ විනිසුරන් මාරුවීම් ගණනාවක්ම සිදුවූ අතර ඊයේ(27* අවසන් තීන්දුව දෙන විට නඩුව අවුරුදු 17 ක් පැරණි එකක් වූ අතර 1997දීම පළවා හැරිය යුතුව තිබූ මේ දූෂිත පාලිකාව ඉන් පසු දෙවරක්ම බලයට පත්වීමද විශේෂිතය.

ඊයේ ජයලලිතාගේ නීතීඥවරයා කියා සිටියේ ඇයගේ සිව් අවුරුදු සිරගත කිරීමේ තීන්දුවට එරෙහිව අභියායචනයක් ඉදිරිපත් කරන නමුත් ඒ ගැන විශ්වාසය හීන බවයි. ඉන්දියානු නීතිය අනුව ඇයට වසර 4 කින් නිදහස ලබා යළි දේශපාලනයට එන්නට නොහැකි අතර ඇය නිදහසින් පසු තවත් අවුරුදු 6 ක් ඒ සඳහා බලාසිටිය යුතුය. ඒ අනුව ඇයට දේශපාලනයට යළි එන්නට හැකිවනුයේ වසර 2024 දීය. ඇයට අවුරුදු 76ක් වන විටය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්