අර ෆෙන්ෂුයි කියන එකා කියන්නෙ පට්ටපල් බොරු - අහුවෙන්න එපා - සුනිල් පෙරේරා

ලංකාවේ නාගරික ජනතාව අතර කාලයක් තිස්සේ ප‍්‍රකටව පවතින වාසනාව ලැබීමේ ෆෙන්ෂුයි ක‍්‍රම පට්ටපල් බොරු බවත් මේවා අසරණයින් මුළාකර මුදල් ගැරීමේ ජාවාරම් බවත් ප‍්‍රකට ගායක සුනිල් පෙරේරා පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් කියා සිටියා.

මිනිසුන්ට එන අභියෝග වලට ශක්තිය ලබාදී ඒවා විසඳාගත හැකි බවත් මේ ආකාරයේ තක්කඩින්ගේ උපායන්ට හසු නොවන ලෙසත්
ඔහු මෙහිදී කියා සිටියා.
දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් සුනිල් පෙරේරා මේ ගැන කියා සිටි ආකාරය පහත පරිදිය.

‘විවාහයක් වුනේ නෑ කිව්වම ගෑනු ළමයි බය කරනවා. මොනවහරි දේකින් ශක්තියක් දීලා විසඳුම් දෙන එකයි කරන්න  ඕන..ජ්‍යොතිෂයෙන් ඒව කිසි දවසක කියන්න බෑ..පට්ටපල් බොරු මේවා. අර ෆෙන්ෂුයි කියන එකා කරන්නෙත් පට්ටපල් බොරු..ඒක හින්ද ඔය තක්කඩියන්ව විශ්වාස කරන්න එපා. ඔය හොඳම තක්කඩියෝ සෙට් එක. අසරණ මිනිස්සුන්ව

මේ තක්කඩියෝ තව තව බොරු කිය කිය සල්ලි අරගෙන මුළා කරනවා.
එයාල කියන විදියට කරන්න පුළුවන් නම් ..ඔය ෆෙන්ෂුයි කාරයට පුළුවන්නෙ අයිසේ ඔය හොඳ පිළිම 10 ක් අරන් අසරණ 10 දෙනෙකුට දීලා ගෙවල් වල තියල දොර හරි පැත්තට දාලා පවුල් 10ක් ගොඩ දාන්න. මේ අපිට තියන ප‍්‍රශ්න රස්සාවල්..උගන්නන්න තියන අමාරුව.. මේව මොකුත් නෑනෙ.

අනිත් එක බුදුන් වහන්සේත්  ඕවා විශ්වාස කරන්නෙ නැත්නම්  ඕක ඇයි පිළිගන්නෙ.යමක් කිරීමට හොඳම වෙලාව ඒ වෙලාව කියලනෙ කියන්නෙ. දැන් මගේ ගේ හැදුවෙ බාසුන්නැහෙල බඩුගෙනාවද සිමෙන්ති ගෙනාවද ඇහුව පටන්ගන්න කිව්වා හැදුව. මේක මෝඩ මිනිස්සු අසරණ කමට සල්ලි හොයාගන්න කරන වැඩ. මේව දියුණු පිටරටවල තියනවද නෑ.ජර්මනියෙ ස්විට්සර්ලන්තෙ  ඕස්ටේ‍්‍රලියාවෙ මේව නෑ..’

එම කතාවේ වීඩියෝව පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්