රියලිටි තරගෙන් ජයගන්න තුන්වන පියයුරක් බද්ධ කරගත් තරුණිය

ඇමරිකාවේ ෆ්ලොරිඩාහි වාසය කරන ජැස්මින් ටි‍්‍රඩෙවිල් නමැති 21 හැවිරිදි තරුණිය තමාට උපතින් හිමි පියයුරු ද්විත්වයට අමතරව තවත් පියයුරක් ප්ලාස්ටික් සැත්කමක් මගින් කෘත‍්‍රිමව සිරුරට බද්ධ කරගෙන ලෝක අවධානයට ලක්ව තිබේ.
මෙය විහිළුවක් නොව සැබෑවක් බව බටහිර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජැස්මින් මෙම කටයුත්ත සිදු කරගැනීමට හේතුව
ඇය ඇමරිකාවේ රියලිටි තරගයක තරගකාරියක ලෙස තරග වැදීමත් එහිදි වැඩි ලකුණු ගෙන කැපී පෙනීමට ඇති ආසාවත්ය.
ඇය මෙම කාර්යය සිදු කරගැනීමට පෙර ඇමරිකාව පුරා ප්ලාස්ටික් සැත්කම් සිදු කරන ආයතන හා වෛද්‍යවරු රාශියක් හමුවීමට

ගියත් ඒ සියලූ ස්ථානවලින් තුන්වන පියයුරක් බද්ධ කිරීම මිනිසාගේ ස්වාභාවික තත්වය විකෘති කිරීමක් බවත් ඒ ආකාරයට සැත්කම් කිරීම වෛද්‍ය විද්‍යා මූලධර්මයට පටහැනි බවත් කියමින් ප‍්‍රතික්ෂේප කර ඇත. අවසානයේ ඇය එක්තරා නම සඳහන් කිරීමට අකමැති වෛද්‍යවරයෙකු යටතේ රහසිගතව මෙම සැත්කම සිදු කරගෙන ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වන ජැස්මින් ඇයට මේ සඳහා ඩොලර් 20000 ක මුදලක්(ලංකාවේ රුපියල් ලක්ෂ 26 ක් පමණ* වැයවූ බව සඳහන් කර ඇති අතර ඒ සියල්ල තමා උපයාගත් ඒවා බව කියා ඇත. මෙම සැත්කමට නිවසේ උදවිය අකමැතිවූ බවත් සැත්කමින් පසුව මව පියා හා සොයුරිය තමාට මුහුණ දෙන්නටවත් අකමැති බව ඇය කියා සිටිනවා.
කෙසේ වෙතත් ඇය බලාපොරොත්තුවූ ප‍්‍රසිද්ධිය මෙම සැත්කමින් පසු ලැබී ඇත. මේ වනවිට මෙම ආරංචිය ඇගේ රියලිටි තරගයට සීමා නොවී ලෝකය පුරාම කථාබහට ලක්වන පුවතක් බවට පත්ව ඇත. ඒ ලෝකයේ පළමු පියයුරු තුනේ කාන්තාව ඇය බැවිනි.
මින් ඉහත 1990 දි තිරගතවූ ‘ටොටල් රිකෝල්’ නමැති චිත‍්‍රපටයක පියයුරු තුනේ කාන්තාවක් ගැන ප‍්‍රබන්ධාත්මක කථාවක් තිබුණ අතර එහිදී නිර්මාණාත්මක රූපයක් ඒ සඳහා පාවිච්චි කර තිබුනි.
පහත පළවන්නේ ඇය පියයුරු තුන පෙන්වමින් ලබාගත් ඡායාරූප හා වීඩියෝවන්ය.


Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්