සෙබළ බෑනා මාමණ්ඩිය ඝාතනය කරලා


ඉතාම අමානුෂික ලෙස පුද්ගලයෙකු විසින් සිය බිරියගේ පියාව ඝාතනය කළ සිදුවීමක් ඊයේ රාත‍්‍රී ගිනිගත්හේනෙන් වාර්තා වුණා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගිනිගත්හේන රංජුරාව ප‍්‍රදේශයේ ලොකුහේවාගේ කුලදාස (අවු. 57* සිව් දරු පියෙකි. පවුල් ආරවුලක් මත ඊයේ රාත‍්‍රී 7.30 ට පමණ තියුණු ආයුධයකින් පහරදී  ඇත.
තුවාලකරු ගිනිගත්හේන රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව
මියගොස් තිබෙනවා.

ඝාතනය සිදු කළ පුද්ගලයා යුද හමුදාවෙන් පළා ආ සෙබළකු බව කියැවුණා ඔහු මිනීමැරුම සිදු කිරීමෙන් අනතුරුව පළාගොස් සිටි අතර ඊයේ රාත‍්‍රියේම ක‍්‍රියාත්මකවූ පොලිසිය විශේෂ මෙහෙයුමකින් පසු ඔහුව අත් අඩංගුවට ගත්තා.
මිය ගිය අයගේ බාල දියණිය විවාහ කරගෙන සිටින මෙම සැකකරු සතුව ගිනිඅවි තිබෙන බවටද තොරතුරු ලැබී තිබුණා.
මෙම ඝාතනය පිළිබඳ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද සිදුකරන්නට නියමිතව තිබුණා.

වාර්තාව හා ඡායාරූප - හැටන් -රංජිත් රාජපක්ෂ









Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි